
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශයන්හි ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සහ විදේශ ගමන් බලපත්‍රය අලුත් කිරීම සඳහා අයදුම් කිරීම අනිද්දා (01) සිට අන්තර්ජාලය ඔස්සේ කළ හැකි බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට තම රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කළ හැකි බව ආගමනවිගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී පැවසූහ.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ.
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද කමිටුව මෙහිදී සාකච්ඡා කළේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අන්තර්ජාලය හරහා වීසා අයදුම් කිරීමේදී දක්නට ලැබෙන අඩුපාඩු ඇතුළු විවිධ කරුණු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි. විදේශිකයන්ට අපහසුවකින් තොරව සිය වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසත්, දේශීය මෙන්ම විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල්වල පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, කාරක සභාවේ සභාපති නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.
ඉහළ ආදායම් ලබන යුරෝපය වැනි රටවල් වලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කළ අතර ඒ සඳහා අවශ්‍ය පියවර නොපමාව ගන්නා ලෙසද කාරක සභාව උපදෙස් දුන්නේය.
මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා , එස්. එම්. එම්. මුෂාරෆ් , සාගර කාරියවසම් , යදාමිණි ගුණවර්ධන , (ආචාර්ය) හරිනි අමරසූරිය සහ චන්දිම විරක්කොඩි යන මහත්වරුද විදේශ කටයුතු අමාත්‍යංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා (පුද්ගලික) සමාගම යන ආයතනවල නිලධාරීහුද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කළ යුතු වැඩක්... කරුණාකරලා වෙබ්සයිට් එක දෙන්න.
නියමයි,එම්බසියට ගියාම පුංචි අඩුපාඩුවටත් නැවත ආපසු හරවා එවන මොහොතකදී,දවසම නන්නත්තාර කරගන්නවට වඩා, ඒ ක්‍රමය ගොඩක් හොදයි.ඉක්මනින්ම ඒ සිස්ටම් එක ක්‍රියාත්මක කරන්ඩ...
ඒක හොඳයි.