
(අංජුල මහික වීරරත්න)
ඓතිහාසික මහියංගනය පුදබිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගන රජමහා විහාරාධිපති මහෝපාධ්‍යාය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන් වෙත පිළිගැන්වීය.
මෙත් සවිය නිර්මාතෘ තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා මහාචාර්ය චන්දන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් "මෙත් සවිය මනස අධ්‍යාපන මෛත්‍රී සංසදය "මගින් විල්ලුව වැව මධ්‍යයේ ඉදිකළ අඩි 102 ක් පමණ උසින් යුත් සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරිම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
ඓතිහාසික මහියංගනය මහ සෑ රඳුන්ගේ ආරක්ෂාව පිණිසත්, විහාර අලංකරණය පිණිසත් ඉදිකළ අඩි 2500ක දිගින් යුත් වලාකුළු බැම්ම විවෘත කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිවරයා අතින් නිරාවරණය කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සජිතුයි රනිලුයි එකටම තමයි .නියමයිනේ
විජයදාස රාජපක්ෂ ජනාධිපති එක්ක ඉන්නවා .දැන් එතුමා වැඩිය පේන්න නෑ .එක්ස්ප්‍රස් පර්ල් නැවට මොකද දන්නේ නෑ දැන් වෙලා තියෙන්නේ .ඒ ගැන දැන් කවුරුත් මීක් නෑ
තාන්න මාන්න වලට කුලල් කා ගන්නෙ නැතුව ඔක්කොමලාම එකතුවෙලා එකමුතුවෙලා රට දියුනු කලයුතුයි. බෙදිලා වෙන්වෙලා අසමගියෙන් කටයුතු කලොත් රට කම්මුතු වෙලා යයි.