
(නිමන්ති රණසිංහ)
ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූයේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නතාශා එදිරිසූරිය ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
මෙම සැකකාරිය සිංගප්පූරුව බලා පිටත්ව යාමට අද (28) අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදී ඇය අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.
මෙම සැකකාරිය ප්‍රකාශයක් කරමින් බුදු දහමට මෙන්ම සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ජනතාව අතර අසමගියක් ඇති වන ආකාරයෙන් කටයුතු කර ඇතැයි අපරාධ පරීක්ෂණ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවජාතක, බොරන් අගින්, නිරගමික කල්ලි නිසා මේ රටට අමාරුවෙන් ලැබිල තියෙන සාමය නැතිවේගෙන යනවා. මුන්ට කොහින්ද කොටි 25ක් වියදම් කරලා access ටවර් එකේ ස්ටුදියෝවක් හදන්න සල්ලි . කවුද දුන්නේ ?
එතකොට, අර ජෙරොම් කියන ඒකාට නීතිය ක්‍රියාත්මක වෙනැද්ද..? ඌට පොලීසිය බයයිද .....? ඌ හයි ෆයිද ...?
වද සැත්කම් වද කොත්තු වද බ්‍රෙසියර් ටික ටික කල එලියට බහින හැඩයි. චන්දයක් ලගයි වත්ද. අර බුද්ධාගමට අපහාස වන විදිහට පොතක් ලිව්ව කියල ICCPR නීතිය යටතේ මාස ගනනාවක් සක්කිත රණසිංහ හිරේ තියාගන ඉදල අවසානයෙ මොකද , නිදොස් කොට නිදහස්. බුද්ධාගම අනාරක්ශිතයි, රකින්න මැඩමූලන්ස් නායකයෙක් ඕනයි කියන්නනෙ ඔය කාඩ් බෝඩ් කාරයෝ වලි කන්නෙ. ඔය ගමෙන් නායකයෙක් කියල පඩංගුවෙක් ගෙනල්ලා කෙලවපු කෙලවිල්ල මතකනෙ. . අපේ උන්ට පාංකඩ රෙදි කෑල්ලක් පෙන්නුවත් ඒක ඇති අබූඩෙ ගහ ගන්න. අපේ දෙගොල්ලම එකතුවෙලා බුද්ධාගමට කරන අපහාස දෝරෙ යනවා. ඒවා ගැන වගේ වගක් නෑ. අම්මට සිරිවෙන රටක් ඕයි මේක.
මේ බඩ්ඩ කොහෙන්ද පහත් වුණේ ?
කෝ අපේ මහ තැන අර කාදිනල් තුමා .කටේ කෙල බින්දුවක් හෙලන්නේ නැහැ
දැන් අමාරුව හොඳ වෙයි.
බුද්ධාගමට අපහාස කරන්නේ මේ මනුස්සයාව හිරේ දාපු මිනිස්සු .බුදුන් වහන්සේ කොහෙද කියලා තියෙන්නේ හිංසා කරන්න කියලා
පේනවනේ වෙන දේවල්. බෞද්ධ ආගම නසන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ. මෝඩ වෙන්න එපා. මේ රට රැකෙන්නේ රාජපක්ෂවරු යටතේ විතරයි. ඔවුන්ව බලයේ තියන්න...
එල...
ස්පා එකක කෙනෙක්
දැන් සැපද?
වැඩිපුරම බුදුදහමට අපහාස වෙන විදියට කටයුතු කරලා තියෙන්නේ බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත දේසපාලුවන්, ලෝකෙට පේන්න පන්සල් වන්දනාවේ නම් යනවා. ඔවුන් හරියට පන්සිල් පද පහවත් රකින අය නෙවෙයි...
මේ සිංහල බෞද්ධ කාන්තාව හා පහුගිය කාලේ නයි නටවපු දිලිත් ජයවීර කියන බෞද්ධයා හා ජෙරම් ප්‍රනාන්දු කියන ක්‍රිස්තියානි පුද්ගලයාගේ ප්‍රකාශ තුනම මම බැලුවා. වැඩිපුරම බුදුන් වහන්සේට අපහාස කරන්නේ කවුද කියලා පේනවා. ඒත්, මේ දිලිත් ජයවීරට බල්ලෝ බුරන්නේ නැත්තේ ඇයි කියලයි මට හිතා ගන්න බැරි...? බලමු, ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙයිද කියලා. මම හිතන්නේ නයි පනික්කියෙකුට වූ පමණින් අපහාස කිරීම නීති විරෝධියි කියලයි.
බුදුන් වහන්සේට, බුදුදහමට අපහාසකළා? අපහාස කරන්න උතුම් වූ ගෞතම බුදුන් වහන්සේ "දේශනාකළ - ආදර්ශය දුන් " බුදුදහමක් ලංකාවේ තිබෙනවද? බුදුන් වහන්සේ පිරිනිවන්පෑ පසු ප්‍රශ්න රැසක් මතුවූ නිසා කාශ්‍යප මහා රහතන් වහන්සේ "ධර්ම සංඝායනාවක්" පවත්වා මුල්වරට බුදුදහම රැකගත්තා. එදා බුදුන්වහන්සේගේ කාලයේදී නිකායවල් තිබුනේ නැහැ. අද ලංකාවේ බුද්ධාගම් නිකායවල් කියක් තිබෙනවද? නිකායවල් හැදුනේ කොහොමද? කුල අනුවයි. බුදුන් වහන්සේ 'කුල' ක්‍රමය ප්‍රතික්ෂේප කළ නිසා තමයි සෝපාක වැනි රහතන් වහන්සේලා බිහිවුනේ... අපේ රටේ බහුතරයක් හාමුදුරුවරු කරන්නේ බුදුදහමට අපහාස වන ආකාරයට හැසිරීමයි. බුදුදහමට අනුව හැසිරී, ගිහි ජිවිතයේ ලෞකික ඇලීම් ගැලීම්වලින් වියුක්තව සසර ගමන අවසන් කිරිම තම එකම අධිශ්ඨානය කරගත් උතුම් වූ ස්වාමින් වහන්සේලා මේ රටේ සිටින්නේ ඉතාමත්ම අල්ප ප්‍රමාණයකි. උන්වහන්සේලාට මාගේ ප්‍රණාමය හිමිවේවා...!!! බහුතරයක් කහ රෙදිපොරවාගත් බමුණන් පමණයි. ඔවුන්ගේ ඒකායන අරමුණ හොර දේශකාපාලුවන්ට මුට්ටි අල්ලමින් මුදල් උපයමින්, තම හොර අඹුවන් සහ දරුවන් පෝෂණය කරමින් "පස්පව්" කරමින්, ජනතාව මුලාකිරීමයි. ජනතාව කුපිත කිරීමයි.
විජිත්,බද්‍රානි මහත්මිය, නිවැරදි යථාර්ථය සමාජ ගත කරාට බොහොම ස්තූතියි.