(යොහාන් භාසුර)
රට තුළ මාර්ග පද්ධතියේ දැඩි අබලන් ස්වභාවය පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග ආයෝජන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ අත්‍යවශ්‍යම මාර්ග ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 53 ක ණයක් ඉල්ලා ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන ඇති ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන තෙක් මෙරටට දෙන ණය ආධාර අත්හිටුවා ඇති බව කී අමාත්‍යවරයා ඉතිහාසයේ පටන්ම රට තුළ කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘති බහුතරයක් විවිධ විදේශ සංවිධාන සහ රටවලින් ලැබුණු ණය ආධාරවලින් ක්‍රියාත්මක වූ බව ද සඳහන් කළේය.
එම ණය පිළිබඳව සාකච්ඡා සාර්ථක ක්‍රියාත්මක වෙමින් මේ වන විට අවසන් අදියරේ පවතින බවත් විශේෂ ප්‍රමුඛතාවයක් දෙමින් සංවර්ධනය කළ යුතු අත්‍යවශ්‍යම මාර්ග හඳුනාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් අදාල මාර්ග නිරික්ෂණය කිරීමට නියමිත බවත් ඒ මහතා කීය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එසේ පැවසීය.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිවයිනේ සෑම ප්‍රදේශයකම මේ වන විට අත්හිටුවා ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ඉදිකිරීම් කඩිනමින් නැවත අරභණ ලෙස ඉල්ලා සිටි බවත් ඉතාමත් අබලන් තත්වයේ පවතින බොහෝ මාර්ග අලුත්වැඩියා නොකළ හොත් ඉදිරියේදී මහජනතාවට යෑමට ඒමට පවා නොහැකි තත්ත්වයටම පත්වනු ඇති බවත් පෙන්වා දුන්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණය ගන්න ඉස්සර වෙලා ආදායම් ලැබෙන්න ක්‍රමයක් හැදුවොත් රටත් හැදෙනවා හැමදාම ණය ණය ණයට අරගෙන මොනවා කරන්නද බොලව් හදන්නෙ යකුනේ හැමදාම මහාමාර්ග හදල කොමිස් නැහැ තමයි ඒත් ණය බර ගෙවන්නෙ කොහොමද කියාපල්ලා,ඇත්තටම රටේ ප්‍රධාන දුම්රිය මාර්ග පද්ධතියක් හදල ගම්වලට අතුරු මාර්ග හදන්න අදහසක් හිතන්නේ නැද්දෝ
එහෙන් ණය ගෙවන්න කල් ඉල්ලනවා,මෙහෙන් ණය ඉල්ලනවා,මේක අමුතු ම රටක්!!!
පහු ගිය ටිකේ හොරා කන්න බැරි උනාට ඇරියස් එකත් අල්ලයි මයේ අප්පලා .හෙන ගහලා මදි මුන්ට
කොමිස් ලැබෙනවද?
එදිනෙදා කලයුතු නඩත්තුව නොකරන එකට නිදහසට කාරණය මොකක්ද? මාර්ග සංවර්ධන අධිකාරිය අතිකාල සහ ව්‍යාපෘතිවල විතරද වැඩ? ණය කියන්නේ කොමිස් නේද?
වරද හොද තත්වයේ තිබෙන මාර්ග වලටත් පොලියට ණය ලබා ගැනීමයි. මාලාබේ කඩුවෙල පාර ට A D B ණය ගත්තේ කුමකටද ? මෙහි වැඩ නැවැත්වීමට සිදුවීම යහපතකි. මීට වඩා අබලන් පාර වල් බොහෝය.
Mr. 10 පසන්ට් ගෙන් ඉල්ලා ගන්න බැරිද ඕක ?
පාරවල් කන්නද කියල නෙ ඇහුවෙ. මේ වගේ පාලකයන් පන්නලා හිතන්න පුළුවන් එවුන් ටිකක් පත් කරගන්න තුරු රටට අනාගතයක් නැහැ.
ලංගමේ නොයන ප්‍රවාහන ඇමටි බන්දුල . බන්දුල ලංගමේ ගියොත් අටපට්ටමට කියන්න ඕන හොදේ.
චන්දෙ ළඟ එනවා වගේ .වටේ ඉන්න හෙන්චයියලා කොන්ත්‍රාත්තුවක් දුන්නොත් විතරයි උන්ගෙන් චන්ද වැඩට ගන්න පුළුවන් .කොමිස් ගහන්නත් හොඳම ක්‍රමය මේක තමා
ආපහු හොරා කන සෙල්ලම පටන් ගන්න යන්නේ.රටේ ළමා පරපුරට මන්ද පෝෂණය .තොපි කෝටි ගණන් ණය අරගෙන අපිව තව්ටැහැ ණයකාරයෝ කරන්න යන්නේ.වරෙල්ලා චන්දෙ ගන්න ආපහු