
(විමුක්ති එස් රුද්‍රිගු)
ව්‍යාජ අධ්‍යාපන සහතික ඇතුළු ව්‍යාජ ලිපි ලේඛන සකසා ශ්‍රී ලාංකිකයන් රට යැවීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු ස්කයි නිවුස් පුවත් සේවය අනාවරණය කරගෙන ඇත.
විදේශයන් හි සිට එක්සත් රාජධානියට පැමිණීමට බලාපොරොත්තු වන පුහුණු සේවකයන් වෙනුවෙන් ලබා දෙන වීසා භාවිතා කරමින් මෙම මිනිස් ජාවාරම සිදු කරනු ලබන බව එම පුවත් සේවය පෙන්වා දී තිබේ.
මෙම මිනිස් ජාවාරමට හසු වූ එක් කාන්තාවක් ස්කයි නිවුස් පුවත් සේවයට පවසා ඇත්තේ තමන් එක්සත් රාජධානියේ රැකියාවක් ලබා ගැනීමට ස්ටර්ලින් පවුම් 65000 ක මුදලක් ජාවාරම්කරුවන්ට ලබා දුන් බවත් ඔවුන් ඉංග්‍රීසි භාෂාව සඳහා තමන්ට ඉහළ සමාර්ථයක් තිබෙන බව පෙන්වීම සඳහා ව්‍යාජ ලෙස අධ්‍යාපන සහතික සහ අනෙකුත් සහතික සදා දී එක්සත් රාජධානියට වීසා ලබා ගැනීමට අවස්ථාව ලබා දුන් බවත්ය.
තමන් එක්සත් රාජධානියට පැමිණෙන විට නාඳුනන වයස අවුරුදු 12 දරුවකු පුත්‍රයා ලෙස පෙන්වා දෙමින් එක්සත් රාජධානියට රැගෙන ආ බවත් ගුවන් තොටුපොළේදී පිරිසක් පැමිණ එම දරුවා රැගෙන ගිය බවත් ඇය පවසා ඇත.
තමන්ට රැකියාව කිරීම සඳහා ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය නොවන බව ජාවාරම්කරුවන් පැවැසුවත් එක්සත් රාජධානියට පැමිණි පසු ඉංග්‍රීසි භාෂාව කතා කළ නොහැකි වීමෙන් තමන් අතරමං වූ බව එම කාන්තාව පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1070
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉංගිරීසි නැතිව එංගලන්තයට යවන ජාවාරමක්