
(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සඳහා ඉරාකය, රුමේනියාව සහ සයිප්‍රසය යන රාජ්‍යයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ළඟදීම අලුතින් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ලංකාදීපයට පැවැසීය.
මේ රටවල්වල ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිටින හෙයින් ඔවුන් රැකබලා ගැනීම සඳහා තානාපති කාර්යාල පැවතීම වැදගත් බවද ඔහු සඳහන් කළේය.
සයිප්‍රසයේ සහ ඉරාකයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල මෙයට පෙර ක්‍රියාත්මක වුවත් පසුකාලීනව ඒවා වසා දමනු ලැබීය.
මේ රටවල් තුනේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයාට දැනටමත් කරුණු පෙන්වාදී ඇත.
මෙම තානාපති කාර්යාල පිහිටුවීම සඳහා ආරම්භයේදී විශාල මුදලක් වැය කිරීමට සිදු වනු ඇත. කෙසේ වෙතත් ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක මේ මුදල සොයාගැනීම බරපතළ අභියෝගයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවත අමාත්‍යාංශයේ නිලධාරින්ට ප්‍රකාශ කරන්න බැරිද? ඇයි ඇමැතියාගේ පොටෝ එකකුත් එක්ක දාලා. ජනතාව අතරට නොයන කපටි දේශපාලකයින් මාකට් හදා ගන්නවා.
ප්‍රොෆෙසර් ඇඩ්මිරල් කොළඹගේ වගේ උගතුන් ඉන්නවනෙ දාන්න. වංචාකාරයන් රජ වෙන රටක්.
තව ටික කලකින් ලංකාවේ තානාපති කාර්යාල නැති රටක් හොයා ගන්න අමාරු වෙනවා.
මෙතරම් අහේනියකට රට පත්වී තිබෙන මොහොතක මෙවැනි දේ මොකටද ?තව්ටැහැ සල්ලි වියදම් නොකර මේ රටවල අල්ලපු රටවල ධනපතීන්ට මේ රටවල් තුනේ වැඩ බැලීමට යොදා ගන්න