(කුෂාන් ජයවර්ධන)
කැකිරාවේ පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී කලහකාරි ලෙස හැසිරුණු බව කියන එම පාසලේ සිසුන් 07 දෙනකු කැකිරාව පොලිස් ස්ථානය මගින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.
කැකිරාව නගරාසන්න ප්‍රදේශයක ප්‍රසිද්ධ ජාතික පාසලක පැවැති පිරිත් පිංකමක් අතරතුරදී එම පාසලේම ඉගෙනුම ලබන සිසුන් පිරිසක් මෙලෙස කලහකාරි ලෙස හැසිරී ඇති බව පොලිසිය කියයි.
කලහකාරී ලෙස හැසිරී ඇති එම සිසුන් පිරිත් මණ්ඩපයටද පහරදී අලාභහානි කිරීම කටයුතු කර ඇතැයි පැවැසේ.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 11, 12 සහ 13, ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ හැම තැනම ළමා පාතාලත් බිහි වීගෙන යනවා.නියමයි
ළමා පරපුර වැඩිහිටියන් අනුකරනය කිරීම පුදුමයක් නොවේ. පිළියම නිධානයටද යොමු වියයුතුය.
මුන්ට මොනවා වෙලාද
විනය පාලකට ගැහුව, මේ පිරිත් මණඩප කඩනව මරු ළමයි. සෙල්ෆෝන් සංස්කෘතිය කරන විනාශ .
විදුහල්පතිලට, ගුරුවරුන්ට එරෙහිව පොලිසි/උසාවි ගානෙ යන දෙමාපියන්ගෙ දරුවන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ වගෙම දරුවන් සමග හරියට වැඩ කරන්න බැරි යහපත් ආකල්ප නැති ගුරුවරු ඉන්න රටකත් මීට වඩා දෙයක් හිතන්න බැහැ.
මත්වෙන්න මොනවාහරි බීපු සිසුන් පිරිසක්ද ?එහෙමත් නැතිනම් දේශපාලනයට සම්බන්ධ පවුල් වල දරුවන්වත්ද ?