(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් 50 ක සිද්ධියක් මුල් කරගෙන ගල්කිස්ස ආපනශාලාවක හිමිකරුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
සැකකරු ඝාතනය සඳහා යොදාගත් ම පිහිය ද පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරු මරණකරුට ඉකුත් 22 දින කොස් ගෙඩියක් අලෙවි කිරීමට පැමිණ එයට රුපියල් 250ක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර ආපන ශාලා හිමිකරු එයට රුපියල් දෙසීයක් දෙන බව පැවසීමෙන් අනතුරුව ඇති වූ බහින් බස් බස්වීමක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපරාදයෙන් අනතුරුව සැකකරු පලාගොස් සිටියදී පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරු රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
තිස් එක් හැවිරිදි සැකකරු රත්මලාන පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට රුපියල් 50 සූළුගණනක් වුණාට සමහර අයට ඒක කෝටියක් වටිනවා මේ කාලේ...!
දැන් හරිනේ. රුපියල් 50ක් අතහරින්න බැරිව ජවිත කාලයම දුකම අල්වා ගත්තා. දැන් ඉතිරි පොලිසි, උසාවිය, හිරගෙය සහ මරණින් පසු නිරය...
ඩොලර් බිලියනයක් දුන්නත් මට නම් මිනිස්සු මරන්න හිත දෙන්නේ නෑ