IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රුපියල් 50ට ආපන ශාලා හිමිකරු මරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් 50 ක සිද්ධියක් මුල් කරගෙන ගල්කිස්ස ආපනශාලාවක  හිමිකරුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් ම පිහිය ද පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු මරණකරුට ඉකුත් 22 දින  කොස් ගෙඩියක් අලෙවි කිරීමට පැමිණ එයට රුපියල් 250ක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර ආපන ශාලා හිමිකරු එයට රුපියල් දෙසීයක් දෙන බව පැවසීමෙන් අනතුරුව ඇති වූ බහින් බස් බස්වීමක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අපරාදයෙන් අනතුරුව සැකකරු පලාගොස් සිටියදී පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරු රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

තිස් එක් හැවිරිදි සැකකරු රත්මලාන පදිංචිකරුවෙකි.

 



අදහස් (4)

රුපියල් 50ට ආපන ශාලා හිමිකරු මරලා

rentstuffs.today Saturday, 27 May 2023 10:51 AM

අපිට රුපියල් 50 සූළුගණනක් වුණාට සමහර අයට ඒක කෝටියක් වටිනවා මේ කාලේ...!

:       24       8

මූ පිස්සෙක් Saturday, 27 May 2023 01:42 PM

හරි මහත්තයා, ඒ වුණාට මනුස්ස ජීවිතයක් කොපමණ වටිනවාද? තරහා ගියා කියලා මිනීමරණ පුරුද්දක් තියෙනවා නම් මේ ලෝකේ මනුස්සයෙක්ට ජීවත් වෙන්න බැහැ...

:       1       21

කරිපුතා Saturday, 27 May 2023 03:22 PM

දැන් හරිනේ. රුපියල් 50ක් අතහරින්න බැරිව ජවිත කාලයම දුකම අල්වා ගත්තා. දැන් ඉතිරි පොලිසි, උසාවිය, හිරගෙය සහ මරණින් පසු නිරය...

:       1       15

පෙරේරා Sunday, 28 May 2023 08:18 AM

ඩොලර් බිලියනයක් දුන්නත් මට නම් මිනිස්සු මරන්න හිත දෙන්නේ නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 544 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1070 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site