
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගත්තේ යැයි කියන සිද්ධියකට එම නිවසේ මෙහෙකාරිය ලෙස කටයුතු කළ කාන්තාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මිය යාම සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සාමාන්‍ය රාජකාරි සඳහා මාරු කර යවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
මෙලෙස මාරුකර යවා ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක අනුරාද මහතාය.
එම සිද්ධියට අදාළව මේ වන විට උප පොලිස් පරීක්ෂකවරයකු පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනමට ලක් කරනු ලැබු අතර තවත් කොස්තාපල්වරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු ස්ථාන මාරු කර ඇත.
බදුල්ල මඩොල්සිම පදිංචිව සිටි ආර්. රාජ්. කුමාර් 42 නැමැති තිදරු මව ඉකුත් එකොළොස් වෙනි දින මියගොස් තිබිණි.
වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ මාරුව පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සිදුකළ නිර්දේශය අනුව පොලිස්පතිවරයා . තාවකාලිකව එම මාරුව සිදු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහ්, මම දකිනවා! මාරු කරල මදි,
පොලිසියේ පජාති ක්‍රමයට අනුව මීට පස්සේ හැම අපරාධයකම සැකකරුවන්ව රක්ෂිත බන්ධනාගාර ගත නොකර ස්ථාන මාරුවීම් ලබා දීය යුතුයි. කොළඔ කූඩු විකුණලා අහු උනාම ගාල්ලට හරි මාතරට හරි ස්ථාන මාරුවීමක් දෙනවා කුඩු විකුණා ගන්න.
බොහොමයක් ස්වාධීන කොමිසන් පාලනය කරන්නේ 225 සෙට් එකලු නේත??
අපරාධ ගණනාවකට සම්බන්ධ දේසබන්දුව මාරු කරන්න නිර්දේශ තිබියදීත් මිනිහා ඉන්නවා තනතුරේ යහතින්