
(විමුක්ති එස් රුද්‍රිගු)
තම උපාධිය සම්පූර්ණ කිරීමට වසර 54 ක් වැය කළ සිසුවකු පිළිබඳ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් වාර්තා වේ.71 වැනි වියේ පසුවන ආතර් රෝස් නම් මෙම සිසුවා තම කලා උපාධිය සම්පූර්ණ කිරීමට වසර 54 කාලයක් වැය කර ඇත.
විශ්ව විද්‍යාල උපාධියක් සම්පූර්ණ කිරීමට වැය කළ වැඩිම කාලය පිළිබඳ ලෝක වාර්තාවටද ආතර් රෝස් හිමිකම් කියයි.මොහු 1969 වසරේදී බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිය ලබා ගැනීමට ඇතුලත් වී අතර දෙවැනි වසරේදී නාට්‍ය හා රංග කලාව විෂයට මාරු වී ඇත.නාට්‍ය හා රංග කලාව විෂය වැඩි දුර හැදෑරීම සඳහා රංගන පාසලකට ඇතුලත් වී රංගන ජීවිතය හඹා ගොස් තිබේ. රංගනයෙන් හෙම්බත් වූ පසු ටොරොන්ටෝ නීති විද්‍යාලයට ඇතුලත් වී ඇති අතර නීති උපාධිය ලබා ගැනීමෙන් පසුව වසර 35 ක් නීතිඥවරයකු ලෙස සේවය කර ඇත.
අනතුරුව ඔහුගේ උපාධිය සම්පුර්ණ කිරීම සඳහා නව ශිෂ්‍ය අංකයක් ලබා ගෙන 2017 වසරේදී අර්ධ කාලීන සිසුවකු ලෙස බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඇතුලත් වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 8 කින් උපාධිය සම්පුර්ණ කරගන්න බැරිනම් බොහෝ විද්‍යාල වල ශිෂ්‍යභාවය අහෝසිවෙනවා නේ
අන්තරේද ?
ඔය රෙකෝඩ් එක අපේ අන්තරේ කැඳවුම්කරුවෙක් තමයි කවද හරි කඩන්නේ. නිකන් නෙමෙයි, වැඩිම වාරයක් කඳුළු ගෑස් කෑමේ රෙකෝඩ් එකත් එක්ක
නව ශිෂ්‍ය අංකයක් ලබා ගෙන කියන්නේ අලුත් ශිෂ්‍යයෙක් විදිහට උපාධිය කළා කියන එකයි.
වසන්තට තව කල් තියනවා