
(විමුක්ති එස් රුද්‍රිගු)
තම උපාධිය සම්පූර්ණ කිරීමට වසර 54 ක් වැය කළ සිසුවකු පිළිබඳ බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් වාර්තා වේ.71 වැනි වියේ පසුවන ආතර් රෝස් නම් මෙම සිසුවා තම කලා උපාධිය සම්පූර්ණ කිරීමට වසර 54 කාලයක් වැය කර ඇත.
විශ්ව විද්‍යාල උපාධියක් සම්පූර්ණ කිරීමට වැය කළ වැඩිම කාලය පිළිබඳ ලෝක වාර්තාවටද ආතර් රෝස් හිමිකම් කියයි.මොහු 1969 වසරේදී බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධිය ලබා ගැනීමට ඇතුලත් වී අතර දෙවැනි වසරේදී නාට්‍ය හා රංග කලාව විෂයට මාරු වී ඇත.නාට්‍ය හා රංග කලාව විෂය වැඩි දුර හැදෑරීම සඳහා රංගන පාසලකට ඇතුලත් වී රංගන ජීවිතය හඹා ගොස් තිබේ. රංගනයෙන් හෙම්බත් වූ පසු ටොරොන්ටෝ නීති විද්‍යාලයට ඇතුලත් වී ඇති අතර නීති උපාධිය ලබා ගැනීමෙන් පසුව වසර 35 ක් නීතිඥවරයකු ලෙස සේවය කර ඇත.
අනතුරුව ඔහුගේ උපාධිය සම්පුර්ණ කිරීම සඳහා නව ශිෂ්‍ය අංකයක් ලබා ගෙන 2017 වසරේදී අර්ධ කාලීන සිසුවකු ලෙස බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයට ඇතුලත් වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
544
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1070
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර 54ක් සරසවි ගිය සිසුවා
Perera Sunday, 28 May 2023 01:25 AM
අවුරුදු 8 කින් උපාධිය සම්පුර්ණ කරගන්න බැරිනම් බොහෝ විද්‍යාල වල ශිෂ්‍යභාවය අහෝසිවෙනවා නේ
RD Sunday, 28 May 2023 03:09 AM
අන්තරේද ?
යෝගා Sunday, 28 May 2023 05:19 AM
ඔය රෙකෝඩ් එක අපේ අන්තරේ කැඳවුම්කරුවෙක් තමයි කවද හරි කඩන්නේ. නිකන් නෙමෙයි, වැඩිම වාරයක් කඳුළු ගෑස් කෑමේ රෙකෝඩ් එකත් එක්ක
සම්පත් Sunday, 28 May 2023 06:41 AM
නව ශිෂ්‍ය අංකයක් ලබා ගෙන කියන්නේ අලුත් ශිෂ්‍යයෙක් විදිහට උපාධිය කළා කියන එකයි.
Jay Sunday, 28 May 2023 01:47 PM
වසන්තට තව කල් තියනවා