(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ කුඹල්ඔළුවේදී මන්නා පිහි ප්‍රහාරයකට ලක් වූ පොලිස් කොස්තාපල්වරියක වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතැයි නුංගමුව පොලීසිය කියයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ පොලිස් තූර්ය වාදක කණ්ඩායමේ සේවය කරන මීරිගම අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචි කාරියකි.
තුවාල කාරිය ඉකුත් 25 වැනිදා කල්එලිය බෝලාන ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකු හා විවාහ ගිවිස ගෙන ඇතැයි ද අද 28 පැවැත්වීමට නියමිත විවාහ උත්සවයේ අවශ්‍යතාවයක් සදහා පොලිස් කොස්තාපල්වරියගේ නිවසේ සිට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටිය දී කුඹල්ඔලුව පහේ කණුව අසලදී පුද්ගලයකු සමඟ සිදු වූ බහින් බස් වීමකින් අනතුරුව එම පුද්ගලයා යතුරු යතුරුපැදියේ පිටුපස වාඩි වී සිටී පොලිස් කාන්තාවට මෙසේ මන්නයකින් පහර දී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
හිසට සහ අතකට සිදු වූ බරපතළ තුවාල ලැබූ ඇයගෙන් තුවාලකාරිය ප්‍රකාශයක් ගත නොහැකි මට්ටමක පසුවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය .
නුංගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතීතයේ ශ්‍රී ලාංකිකයෝ කොතරම් විනයගරුක ජාතියක්ද? අපේ පාලකයෝ, දේශපාලුවෝ අරගල කරුවෝ රටේ විනය පිරිහීමට පැහැදිලිවම වගකිව යුතුයි...