
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය සිය මංගල ජාත්‍යන්තර ගමන සනිටුහන් කරමින් එළඹෙන 5 වැනිදා ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට සුදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
එළඹෙන 5 වැනිදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව චෙන්නායි වරායෙන් පිටත්වන බවත් එළඹෙන 7 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන නෞකාව පිළිගැනීම සඳහා උත්සවයක් සූදානම් කර ඇති බවත් ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.
එම උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වීමට අවස්ථාවක් තිබෙන බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දී ඇත.
කොර්ඩේලියා කෲස් සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා සේවය මෙතෙක් ඉන්දියාවේ අභ්‍යන්තර මගී ප්‍රවාහන නෞකා සේවයක් ලෙස ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකාවට ගමන් ආරම්භ කිරීමත් සමඟ වැඩි වන ඉල්ලුම හමුවේ එම සමාගම තවත් නෞකා සේවයට යෙදවීම සඳහා බලාපොරොත්තු වන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
කොර්ඩේලියා කෲස් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට හම්බන්තොට, ත්‍රිකුණාමල සහ යාපනය වරායන් වෙත එළඹෙන ජූනි මස සිට ගමන් කිරීමට නියමිතව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නැවෙත් ඉන්දියාවේ වගේ වැසිකිලි නැතුව ඇති.ඒක ඉතින් ඉන්දියන් අනන්‍යතාවයනේ.හැබැයි ඔය නැවේ එන ඉන්දියානුවෝ අපේ රටේ පාරවල්වල එහෙම කක්කා කරලා අහුවුනොත් හම ගහනවා විතරක් නොවෙයි පාරේ දාපු " බඩු " කවනවා. අපි නොදන්නා ඉන්දියන් ටුවරිස්ට්ලා, අයන් එකෙන් බිත්තර බැදලා කන අයියලා.
ඇයි කොළඹ ඉඳන් පටන් ගන්නේ නැත්තේ
ඉන්දියාව නැව් හදනකොට අපිට පුළුවන යන්තම් තෙප්පමක් අටවගන්න විතරයි