
ඩිජිටල් උප්පැන්න සහතිකය ඉතා ඉක්මනින් නිකුත් කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවැසීය.
තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ද ඔහු කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පුත්තලම දිස්ත්‍රික්කයේ උප්පැන්න, මරණ , විවාහ සහතික නොමැති පුද්ගලයන්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාවට එක් වෙමිනි. නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙම වැඩසටහන පැවැත්විණි.
අලුත් ගමක් - අලුත් රටක් ජාතික වැඩසටහනට සමගාමීව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උප්පැන්න, මරණ සහ විවාහ සහතික නොමැති පුද්ගලයින්ට අදාල සහතික නිකුත් කිරීමේ ජංගම සේවාව දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්‍රියාත්මකයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ඉතින් හැමදාම සැලසුම් හදපු අයනේ. ඒකනේ අපි අද දුප්පත් 11 වෙනි රට. මහජනතාව අතරට නොයා e space තුලින් ප්‍රචාරනය ලබා ගැනීම පිලිකුලෙන් හෙලා දකිමි ...
ඉදිරියට ඉපදෙන ගානට වඩා මැරෙන ගැන වැඩි වෙන නිසා ඩිජිටල් මරණ සහතිකත් දෙන්න ක්‍රමවේදයක් හදන්න
අලුත් වැඩක් පටන් ගන්නවා කියන්නේ ඉතීම් කොමිස් තමයි
ඩිජිටල් බබාල ටිකක් හදාගන්නත් කාලය හරි දැන්.