
(තරංග ගුණරත්න)
විවාහ උත්සවයට සුදානම් වෙමින් සිටි මනමාලියට ඇසීටි ප්‍රහාරයක් එල්ලවීමෙන් එම තරුණියක බරපතළ තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කොට ඇතැයි වැලිගම පොලිසිය කියයි .
වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ නිවෙසකදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
ආගමික චාරිත්‍රානුකූලව අති උත්කර්ෂවත් ලෙස ගාල්ල ප්‍රදේශයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු ඇයගේ නිවසේ කටයුතු සංවිධානය කරද්දී අද අළුයම 3:00 පමණ තරුණියගේ නිවසට පැමිණි පුද්ගලයකු මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකොට පලා ගොස් ඇතැයි පොලිසිය කියයි .
ප්‍රහාරයට ලක් වූ මනමාලිය කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබේ.
ප්‍රහාරයට ලක් වූ තරුණිය වසර කිහිපයකට ඉහතදී වැලිගම මදුරාගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමග පැවැති ප්‍රේම සබඳතාවයක් මව්පියන්ගේ උපදෙස් මත එය නවතා දැමීමට තරුණිය කටයුතු කර තිබේ.
එයට පලිගැනීමක් වශයෙන් විවාහ උත්සවයට සූදානම් වෙමින් සිටී මනාලියට පැරණි පෙම්වතා බව කියන පුද්ගලයා විසින් මෙම ඇසීටි ප්‍රහාරය එල්ල කොට ඇති බව අනාවරණය වි ඇති බව මූලික පරීක්ෂණවලින් අණාවරය වී ඇතැයි පොලිසිය කියයි.
ඔහු කඩිනමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමියෙකුට හෝ කාන්තාවකට තම සහකරු තෝරා ගැනීමේ අයිතියක් තියෙනවා. අවුරුදු ගාණක් ආදරය කළ පලියට සහ අහිමිවීමෙන් මෙවැනි තිරිසන් ක්‍රියාවක් කරන්නට පෙළඹෙන්නේ ආදරය නිසා නොවෙයි තනිකරම ලිංගික ඊර්ෂ්‍යාව නිසා. ඔහුට නිසි දඬුවම් නීතියෙන් නොවුනත් කර්මය විසින් ලබාදෙයි..
ආදරය කියන වචනේ පාවිච්චි කරලා ගණිකා වෘත්තිය කරන ගැහැණු, පිරිමින්ට මේක හොඳ පාඩමක්...
කර්මය කිය කියා ඉඳලා වැඩක් නෑ. එයාටත් මේවගේම දඬුවමක් දෙන්න ඕනෑ...
හරියටම වැරැදිකරු තහවුරු වුණායින් පස්සේ මේ හා සමානම දඬුවමක් දිය යුතුමයි. හිරේ යවලා පිනට කන්න බොන්න නොදී ගෙදර ඉඳලා විඳවන්න පුළුවන් දඬුවමක් දිය යුතුයි.
පොලොස් ගෙඩියක‍් කඩා ගත්තටත් පිහියෙන් අනින පලාතෙ නේද?
කොල්ලව හූරන් කාලා පොල්ල තියලා යන්න සෙට් වෙන්න ඇති .මොනවා උනත් යන්න දෙන්නයි තිබුනේ .කමෙන්ට්ස් දාන කවුරුත් මේකේ අග මුල නොදැන ක්‍රියාව ගැන විතරයි හිතලා තියෙන්නේ
ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් හෝ නොවූ රාගයේ වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත් කොයි ඉසව්වේද ඒ මෙත්පුරේ
අවි ගත්තෝ අවියෙන්ම නසති!! බූදුබණ බොරැ නැත.!
අමු තිරිසනෙක්.මෙවැනි විශබීජ සමාජයෙන් ඉවත් කල යුතුයි
තවමත් බොහෝ පිරිමින් සිතාගෙන ඉන්නේ ගැහැණු කියන්නේ පාරිභෝගික භාණ්ඩයක් කියල.
ආදරය කියන වචනය ඇතුලේ දැන් ගැබ්වෙලා තියෙන්නෙ වෛරයයි