
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ටී.කේ.ජී.කපිල)
" මෝඩාභිමානය " නමැති ප්‍රහසන වැඩසටහනකදී බෞද්ධ ආගමට අපහාස වන පරිදි අදහස් දැක්වූයේ යැයි ලැබුණු පැමිණිලි අනුව ජයනි නතාෂා එදිරිසූරිය නම් කාන්තාව සිංගප්පූරුව බලා පිටත්ව යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.
මැය ඉදිරිපත් කළ ප්‍රහසන අංගයේ වීඩියෝ පටයක් පසුගිය සතියේ සමාජ ජාල අතර වේගයෙන් පැතිර ගිය අතර එයට විශාල විරෝධයක්ද ඇති විය.
කොළඹ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි ජයනි නතාෂා එදිරිසූරිය අද අලුයම 01.20 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ ආගමන විගමන පරිශ්‍රයේ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මේ වනවිට මෙම කාන්තාව කොළඹ , නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලාභ ප්‍රසිද්ධිය අපේක්ෂාවෙන් මෙවැනි අමන වැඩ කරන මුග්ධයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම අගය කළ යුතුය. අඩු තරමේ සේපාල් අමරසිංහ නමැති මේ පන්නයේම හාදයාට දුන් දඬුවම වත් මැයට ලැබේවා!
නිකම් බොරු වැඩ කරන්න එපා.
ලංකාවට එරෙහි විවිධ වැඩපිලිවෙලවල් වල තවත් එක් අදියරක් මේක. එන්ජීඕ් වල තවත් වැඩක්. මේ ව නවත්වන්න නම් ඩොලර් කාක්කො ටිකට අධීක්ෂණයක් තියෙන්න ඕන. දැන් ලංකාවෙ තියෙන්නෙ ඕන එකෙකුට ඕන දෙයක් කල හැකි වාතාවරණයක්. මේක වහාම නැවැත්විය යුතුයි. නීතිය හැම එකාම නවනව. රට එහෙම පිටින්ම අරාජිකයි.
දේවදත්ත පරම්පරාවේ නූතන පරපීඩකයන් ලවුඩ්ස්පීකර් - බෆල් යොදා ගනිමින් සිදුකරන මහජන පීඩාවද උන්ගේ තක්කඩි මෝඩ අභිමානය පෙන්වන එක් දෙයකි ..
බලමු සටහන් රේඩියො පිකටින් එකක් වත් කරයිද කියල
බුද්ධාගමට අපහාස කරන කහ සිවුරු ධාරීන්ද මේ අයුරින්ම අත් අඩංගුවට ගත යුතුය.
හොඳ වැඩේ හිරදඩුවම් දෙන්න
හොදම වැඩේ
මුදල් ලබාගැනීමට මෙම කටයුතු ඉටුකර ඇති බව පෙනෙනවා .නමින්ම මේ ගැහැණිය අයත් වන ආගම පිලිබිඟු වෙනවා .දැඩි දඬුවම් කල යුතුය
දැනටම විරූපී .තවත් විරූපී වෙන්නද හදන්නේ
කාට හරි අපහාස කරලා කීයක් හරි හොයාගන්න දඟලන අවස්ථාවාදී ලෙඩ්ඩු. හුරේ දදා අහගෙන හිටපු අයවත් ඇතුලට දාන්න
රත්තරන් එක්ක අල්ලපු මන්ත්‍රී ගැන මේ රුදාව පහල වුනා නම්... අද ලංකාවත් රටක්.. මේ වගේ විකාර චෝදනා හයිලයිට් කරලා මහජන මුදල් අවභාවිතා කරවන අයට විරුද්ධව නඩු දාන්න කවුරුවත් නැද්ද??
එහෙම අපහාසයක් නෙවෙයි .සාමාන්‍යයෙන් මිනිස්සු අහළ පහළ ගෙවල් ගැන කතා කරන විදිහක් මට නම් දැනුනෙ.
අමු අමුවේ මේ රට විනාස කල රටේ ධනය සූරා කෑ පල් හොරු නිදැල්ලේ .මරු නීතිය
මැය තදබල මානසික ආභාධයකින් පෙලෙනබව හොඳින් මයට සවන්දීමෙන් සහ අගේ හැසිරීමේ විලාශයෙන් පෙනී යනවා. ඇයට සිනා වෙවී සවන්දුන් අය ගැන කියන්න දෙයක් නැහැ. ජෙප්පොත් 1960 ගණන් වල අගභාගයේ විශ්ව විද්‍යාල තුල මෙවැනිම කතා නිර්මාණය කලබව මට මතකයි අපි පාසැල් යන කාලයේ පාසල් වලටත් එම නිර්මාණ ඇතුල්වූ බව. ජෙප්පන්ට ආගම අබිං.
ලන්දේසි, පෘතුගීසි කාලයේ සිට එන දෙයක්... පාකිස්තානය වැනි මුස්ලිම් රටක වුනා නම් වදදී මරා පණපිටින්ම පුළුස්සා දමන එක නියතයි...
එයාගේ බැංකු ගිණුම් බැලුවා නම් වැඩේ දැනගන්න පුළුවන්. NGO වලින් සල්ලි අරගෙන තමයි මෙවැනි නින්දිත වැඩ කරන්නේ. නැතිව වෙන අමාරුවක් නැතිව ඇතිනේ...
මේවා දේශපාලන සැලසුම්... රාජපක්ෂලා මේවා පිටුපසින් ඉන්නවා.
බෞද්ධයින් හා කිතුණුවන් එක්වී මේ බෝන් එගේයින් කල්ලියේ තුප්පැහි වැඩවලට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගෙන ඔවුන් මේ රටේ ඇතිකිරීමට උත්සාහ කරන විනාශය වැළැක්වීමට කටයුතු කළ යුතුයි...!
මේ පාර අත අරින්න එපා... කියලා තියන කථාවලට... උපරිම දඬුවම් ජනතාවත් දිය යුතුයි... මෙයගේ ලිපිනය පවුලේ විස්තර පුළුවන් තරම් ප්‍රසිද්ධ කරන්න... මෙයා කතෝලික වගේම ඉගෙන ගත්තු කතෝලික පාසල් ෆැක්ටරිය හෙළි කරන්න...
ඇයි එයා විතරද? එයා කළේ රඟපෑම විතරයි. වැඩසටහනට සම්බන්ධ සියල්ලන්ම අරගන්න.
මේක හොඳ ප්‍රවණතාවයක්... මීට පස්සේ ජේසු තුමාටත්, මරියා තුමියටත්, මොහොමඩ් නබි තුමාටත්... අපහාස කරන්න අයව පැමිණිලි කරලා.. ඇරෙස්ට් කරන්න පුළුවන්. මේ නීතිය හැම ආගමකටම පොදු වෙන්න ඕනේ...!
අනේ අපේ දියසේන කුමාරයා නාමල් පොහොට්ටුවක් වගේ මතුවෙලා එන්ට දෙයියෝ... බුද්ධ ශාසනයයි, වසර 2500 ක උදාර සංස්කෘතියයි අනතුරේ නෙවේද?
අපහාස කරන්නේ ඔය දහම මිනිස්සුන්ට කියලා දෙන අයමයි.
හම ගහන්න...
මේ මිනිස්සු රටේ තියෙන නිදහස අනික් මිනිස්සුන්ට ප්‍රසිද්ධියේ ගරහන්න, රටේ තියෙන සාමූහික සංහිඳියාව නැතිකරන්න භාවිතා කරන එක කොහොම හරි පාලනය කරන්න ඕනේ. කිසිම සමාජ කියවීමක් නැතිව, රටක ඉතිහාසය, මිනිස්සුන්ගේ චර්යාවන්, මිනිස්සු සංවේදී කාරණා තුට්ටුවකට මායිම් නොකර. අපහාස කරන එක නිකන් රැල්ලක් වෙලා... විශේෂයෙන් කුණුහරුපවලින් මිනිස්සු හිනස්සවන්න හදන එක දාර්ශනික විහිළු කියලා හිතනවා නම් - මෙන්න මෙයාගේ විහිළු බලන්න...
එතකොට බුදුහාමුදුරුවන්ගේ නෑයෝ ලංකාවේ ඉන්නවා කියලා නම් ගම් සහිතව පෙන්නලා දුන්න මිනිහා මීට වඩා අවමානයක් නේද කලේ? එයාව අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? මේ ප්‍රකාශ වලට ස්වභාවධර්මයා දඩුවම් දෙනවාද?
ඔක්කොම අපිට ඇරල රට පනිනව නේ???
හොඳ වැඩේ.බුද්ධාගමට විතරක් නෙමෙයි අනික් ආගම්වලට අපහාස කරන අයටත් මේක හොඳ පාඩමක්
අපි නම් මේ නාට්ටි නිදැල්ලේ යවනවා.
මමත් ඔය කියන වීඩියෝ එක බැලුවා ඒ තරුණිය කියන්නේ සුද්දෝධනගේ ළමයා ගැන , මිසක් බුදුන් වහන්සේ ගැන නොවයි.ඒ වීඩියෝ එකේ කිසිම තැනක බුදුන්වහන්සේ ගැන සඳහන් කරලා නැහැ.අපේ රටේ ප්‍රසිද්ධ ජනවහරක් තමයි සුද්දෝධන කියන්නේ - ජනයා ඉන් අදහස්කරන්නේ " හොරෙක් " පිළිබඳවයි.උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාව නමැති බහුතරයක් ගෝත්‍රිකයන වෙසෙන දුපත හොරාකාලා නැත්තටම නැතිකළ සුද්දෝධන කියලා කියන්න පුළුවන්. අඬන්න ඉන්න මෝඩ මිත්යාදෘෂ්ටිකයින්ට ඇඟිල්ලෙන් ඇහැට ඇන්න එකයි මේ තරුණිය කරපු වරද.මට හිතෙනවිදිහට ශ්‍රී ලංකාව දැන් බවුද්ධ තලිබාන්ලාගෙන් බේරාගන්න කාලය ඇවිත්.
චන්දයක් ලඟයිද
නටාෂා, ඔබ ජීවත්වන්නේ මේ ලෝකයේ තිබෙන භයානකම , අසික්කිතම , අමුම අමු මරිමෝඩ ගෝත්‍රිකයින් වෙසෙන රටක බව ඔබට අමතකවුනාද ?ඔබට විරුද්ධව කතාකරන පිස්සන් බුදුදහම කියන්නේ කුමක්ද කියලාවත් නොදන්නේ පට්ට නූගත්මෝඩයින් බව බුද්ධිමත් බෞද්ධයින් වටහාගෙන අවසන්.ඔබට ලැබෙන පළමු අවස්ථාවේම ඔය ජරා ගිලෙමෙන් පවතින හිඟන දූපතෙන් පිටවෙන්න.
අපි නටාශාට !!! ඔය කෑගහන්නේ කරන්න වැඩක් නැති බත්බැල හිඟන්නෝ.ඔහොම කෑගැහුවාම ඕකුන්ට රාජපක්ෂලා, රනිල්ලා..කීයක් හරි දෙනවා.උන් නැතිනම් මුන් නැහැ . එදා කැලණියට නයෙක් ධාතු කරඩුවක් අරගෙන ආපු බොරු කතාව ප්‍රචාරය කලාම අපේ ගෝතයෝ සාධුකාර දුන්නා.මුළු ලෝකයම හිනාවුනා.ඒ කතාවේ නිෂ්පාදකයා මහින්ද රාජපක්ෂව අල්ලලා හිරේ දාන්න කියලා ඔය කෑගහන එක පර බල්ලෙක්වත් කිව්වාද ?
දැන් කාලයක ඉඳල අර බණ කියල කුණුහරුප කියන කට්ටිය කරන්නෙත් ඔය වැඩේම නේද ? ඒගැන කාටවත් රුදාවක් නැත්තේ මොකද අප්පා.?
මටනම් කටේ හැටි දැක්කම මකර තොරණ මතක් වුනා
මේ වගේ ගොං බඩු උඩ දාගෙන ඉන්න කොට ඔහොම දේවල් වෙනවා
කාලෙන් කාලෙට මේ වගේ අය කරලියට එනවා. අපහස කරනවා කියල එලවල දානවා. ඇත්තටම ඊට එහා ගිය දෙයක් නැතිද? බුද්ධාගමේ වර්තමාන වැරදි භාවිතාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ. මොවුන්ගේ මෙම ක්‍රියා කලාපය නිවැරදි බුද්ධාගම යථාර්තවාදීව දකින්න ගන්න උත්සහයක් වෙන්න බැරිද? ඔවුන් එයට තෝරාගත් මාර්ගය වැරදි උනත් අවංක හැඟීමකින් ක්‍රියා කරන බව හැඟී යනවා. "පණිවිඩ කරු නොමරන්න" කියා දෙයක් තියෙනවා.
පෙනුම නම් මානසික රෝගියෙක් වාගේ. කැමරාවක් ඉදිරියේ මයික් එකක් අතට දුන්නොත් වචන හෙලෙන බව නොදන්නා පිස්සු ගෑනියක්.
මූන දැක්කාම පෙනෙනවා අපායෙන් ආපු කෙනෙක් කියලා.
කවුරු කොහොම කෙනෙක් උනත් ලෝකේ මිනිස්සු පිළිගත් කවර හෝ ආගමකට සම්බන්ධ ගෞරවයට ලක්වූ චරිත වලට මෙහෙම උසුළු විසුළු අපහාස කරන එක මහා නීච ගතියක්. මොකද ඒ ආගම තමන්ගේ පාඩුවේ අදහගෙන සාමකාමිව ඉන්න මිනිස්සු කුපිත කරවන අපරාධයක්. පෙනුමෙන්ම කියන්න පුළුවන් මෙයා මහා ගොන් ගහක්.
මුන් NGO සල්ලි වලින් යැපෙන කපුටන් .දේශපාලනයත් මේ යට තියනවා