
(අංජුල මහික වීරරත්න)
ආගමික භේද ඇති කරමින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන රජය දැඩිව මර්දනය කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජාතිවාදය ආගම්වාදය පැතිරවීමේ ක්‍රියා සක්‍රීය වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිසේත් ඉඩ නොදෙන බව ද අබේවර්ධන මහතා අවධාරණය කළේය.
කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය. වැටුණු රට ගොඩනැගීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බාර ගැනීමේ මූලික අරමුණ බව කී අබේවර්ධන මහතා සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම සියලුම දෙනා ජාතික එකඟතාවයකින් යුතුව කටයුතු කිරීම බව පැවසීය.
පසුගිය කාලයේ ඇතැම් පුද්ගලයන් පෞද්ගලික තීන්දු තීරණවලට මුල් තැන දෙමින් කටයුතු කිරීම නිසා ජපානයට ලංකාව සම්බන්ධයෙන් ඇති වී තිබුණු සැකය සහ අවිශ්වාසය දුරු කොට නැවත විශ්වාසය ඇති කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය ඉවහල් වූ බවද අබේවර්ධන මහතා අවධාරණය කළේය.
නිදහසින් පසුව වසර 75 ක් රටේ කිසිම නායකයකුට ජාතික වැඩසටහනක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කරන්න අවස්ථාව උදාවී නැතැයි කී අබෙිවර්ධන මහතා එවන් සෑම අවස්ථාවකදීම කෙටි කලකදී ඒ නායකයා මරා දැමීම නායකයා අකාලයේ දේශපාලනයෙන් සමුගැනීම වැනි දේ නිසා ශ්‍රී ලංකාව අස්ථාවරභාවයකට පත්වී තිබෙන බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලලෝබි දූෂිත දේසපාලුවො කෙරුවෙත් ජාති බේද,ආගම් බේද ඇති කරලා ජනතාව කුපිත කරවලා බලයට එන්ඩ ගේම් ගහපු එක .
ඔබ හරි. අපේ පිනට බිහිවූ පුතෙක්
චන්ද බා ගන්න පුලුවන් වේවිද?
අනේ පලයන් පිස්සු පිනෝ.මේකා මහජන චන්දෙකින් ආවානම් කොහොම හිටියිද.කොන්ද පනතියෙනවානම් , වරෙන් චන්දෙකට. චන්දෙන් පස්සේ ගෝල්ෆේස් එකට ගෙනත් හම ගලවන උන්ගේ ලිස්ට් එකේ රනිල් ගාවට ඉන්නේ උඹ බව දැනගෙන පුරසාරම් දොඩවපන්.
දේශපාලන බේද ඇති කරමින් වසර 75ක් තිස්සේ ජාතියම විනාස කලේ ඔයාලාගේ පංතියේ අයයි වජිර. දැන් මිනිස්සුන්ට වැලේ වැල් නෑ. කෝ එහෙමයි කියලා ඔයා ලංගමේ ගමන් ගියාද ? නෑ. මහජන පොලට ගිහින් බඩු ගත්තාද ? නෑ. කොටින්ම කියතොත් ඔයාලා මහජනතාව අතරට ගියේ නෑ. ඒ උනත් මොකක් හරි සම්ප්‍රප්පලාපයක් දාලා නිව්ස් මවනවා. මීට වඩා හොදා තන්තිරිමලේ දුශ්කර ඉස්කෝලෙක ලමයින්ගේ දක්ශතා පත්තරේ දැම්මානම්. මාධ්‍ය මල්ලිලාත් මේකට 50% වග කියන්න ඕනා.
එතකොට අර එක්කෙනෙක් කිව්වේ, සිවුරු දාගත්ත බට්ටෝ කියලා.. ඒක අපහාසයක් නෙමේද වජිර... ඔබලා මොන පිදුරු ගස්වල එල්ලෙන්න හැදුවත් ඔබලා ජනතාව ප්‍රතික්ෂේප කළ අය බව අමතක කරන්න එපා...