
(සනත් ගමගේ)
හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සේවකයෝ රුපියල් දස දහසක ප්‍රසාද දීමනා ඉල්ලා සිට වැඩ වර් ජනයක නිරත වී සිටිති.
සේවකයෝ සේවය වාර්තා කල ද සිය රාජකාරී කටයුතුවලින් මිදී වැඩ වර්ජනයක නියලී සිටිති. ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරි වරයාට රුපියල් 75000 ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට අනුමත කර ඇති හෙයින් එම දීමනාවට සරිලන සේ සේවකයොන්ටද රුපියල් 10000 දීමනාවක් ලබා දෙන ලෙසට ඉල්ලා මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
මේ සම්බන්දව හම්බන්තොට ලංකා ලුණු සමගමේ සභාපති නීතිඥ චමින්ද සූරියපටබැඳි මහතාගෙන් කළ විමසීමක දි ඒ මහතා කියා සිටියේ කිසිදු ඉල්ලිමක් සිදු නොකර සාකච්ඡාවකින් තොරව එක්වරම රුපියල් දස දහසක බෝනස් ඉල්ලා සේවක වැඩවැරුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලීකරණය කරන්න
එකෙකුටවත් සත පහක් බෝනස් දෙන්න එපා.