බදුල්ල පළාත් මහ රෝහලේ කැන්ටිම අඩු ලංසුවට දීලා බදුල්ල පළාත් මහ රෝහලේ පාලනාධිකාරිය එම රෝහලේ ආපනශාලාව වසරකට රුපියල් ලක්ෂ 50 කට ආසන්න අලාභයක් වන ලෙස අඩු ගෙවීම ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුට ලබාදී ඇතැයි එම රෝහලේ සේවකයෝ පවසති. 30 March 2023
රටේ ගොවීන් 3000කගේ සහන අහිමි කළ නිලධාරියාගේ වැඩ තහනම් මැල්සිරිපුර රඹේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය ලබා දුන් සහනාධාර අහිමි කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 30 March 2023
ලලිත් ඇතුලත්මුදලි හිටපු විදුහල්පති අල්ලස් නඩුවෙන් නිදොස්කොට නිදහස් පළමු වසරට දරුවකු ඇතුලත් කරගැනීම සඳහා එම දරුවාගේ පියාගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මහාවිද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා සහ සුළු සේවකයා විත්ති වාචක නෙකැඳවාම සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (30) නියම කළේය. 30 March 2023
හොර ඔප්පුවකින් ඉඩමක් විකුණන්න හැදුවාට වසර 24 ක් හිරේ හොර ඔප්පුවක් සකස් කොට රුපියල් ලක්ෂ 47 1/2කට ඉඩමක් විකීණීමේ චෝදනාවන්ට වරදකරු වු පුද්ගලයකුට වසර 24ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා රුපියල් 25000/-ක දඩයකටද ඊයේ (30) ඔහු යටත් කළේය. 30 March 2023
බාල දැරියක් කෙළෙසූ හිටපු විදුහල්පති වසර 30 ක් හිරේ බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අම්බලන්ගොඩ ගොඩහේන කනිටු විදුහලේ හිටපු විදුහල්පතිවරයාට වසර 30ක සිරදඬුවමක් නියම කළ බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසනායක මහතා අතවරයට ලක් වු දැරියට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමටද අද (30) නියම කළේය. 30 March 2023
ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි ඉන්ධන සැපයුම අද (30) දිනයේ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ඊයේ පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 30 March 2023
පාසල් වෑන් ගාස්තුත් අඩුවෙයි ඉන්ධන මිළ පහළ යාමට සාපේක්ෂව පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු අඩු කරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරයි. 30 March 2023
පොලිස්පතිගේ සේවා දීර්ඝය ව්‍යවස්ථාදායක සභාවට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට මාස තුනක සේවා දීර්ඝයක් ලබාදීමේ තීරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යොමු කරනු ලැබ ඇත. 30 March 2023
ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් අතරට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්) හය දෙනා අතරට තේරීපත්ව සිටියි. 30 March 2023
ත්‍රී වීල් ගාස්තු අඩු කරන්න බෑ ඉන්ධන මිල අඩු කිරීමේ ප්‍රමාණය මත කිසිසේත් ත්‍රීරෝද රථ ගාස්තු අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමය සඳහන් කරයි. 30 March 2023
අලුතින් ආ පොඩ්ඩෝ කඩ්ඩෙන්ම පටන්ගනී රටපුරා සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ දරුවන්ට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව හැසිරවීම වැඩසටහන අද (30) ආරම්භ කෙරිණි. 30 March 2023
හොරෙන් රට රැකියාවට ආවොත් සුරක්ෂා නිවාසවලට භාරගන් නෑ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී, නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ විදේශ රැකියාවට යොමුවන කාන්තාවන් අප්‍රේල් 1 වැනිදා සිට තානාපති කාර්යාල සුරක්ෂා නිවාසවලට භාරනොගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කර්යංශය පවසයි. 30 March 2023
හිටපු කතානායකට ජනපතිගෙන් අවසන් ගෞරව අභාවප්‍රාප්ත හිටපු කතානායක ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අවසාන ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තුවට අද (30) පෙරවරුවේ රැගෙන එනු ලැබිය. 30 March 2023
ඉන්දියාවෙන් ගෙනා බිත්තර තොගය බේකිරි හිමියන්ට රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය කෙළවරපිටිය ස්පෙට් ආර් ගබඩා සංකීර්ණයේදී අද (30) වෙළද පොළට නිකුත් කරනු ලැබීය. 30 March 2023
බේරුවල මුහුදු පතුල සෙලවෙයි බේරුවල මුහුදේ රික්ටර් මාපක 3.7 සුළු භූකම්පනයක් සිදුව ඇතැයි අපදා කළමණාකරණ මධ්යඩස්ථානය කියයි. 30 March 2023
එකිනෙකාට දොස් කියමින් සිට රට හදන්න බෑ එකිනෙකාට දෝෂාරෝපණය කිරීමෙන් රට ජයග්‍රහණය කරා නොයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය . 30 March 2023
ඥාති පුතාගේ පිහි පාරින් පුංචි අම්මා මරුට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් තම්මිට පදිංචිව සිටි 57 හැවිරිදි කාන්තාවකට , ඥාති පුත්‍රයෙකු විසින් පිහි පහරක් එල්ල කිරීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 30 March 2023
සබරගමුවේ ජ්‍යෙෂ්ඨ සිසුන් 4ක් සීඅයිඩී අත්අඩංගුවට සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිරිසකට පහරදී නවක වදය ලබා දුන්නේ යැයි කියමින් එම විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් හතර දෙනකු රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ 30 March 2023
පිලිප් සමරුවට පක්ෂ විපක්ෂ ඔක්කොම කෘතහස්ත දේශපාලනඥයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ 51 වන ගුණසමරු උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි. 30 March 2023
මුදල් අමාත්‍යංශ ලේකම්ට දුන් නියෝගය පළාත් පාලන මැතිවරණයට අයවැයෙන් වෙන්කර ඇති මූල්‍ය ප්‍රතිපාදන රඳවා තබා ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්ට එරෙහිව නිකුත්කර ඇති අතරු තහනම් නියෝගය අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වැදගත් ලියවිලි,අවශ්‍ය ලියවිල් කීපයක් අධිකරණයට ඉදිරිපත් කිරිමට ශ්‍රේෂ්ඨධිකරණය නීතිපතිවරයාට කල් ලබා දුන්නේය. 30 March 2023
අහේනියට කොහිල කාලා 2022 ආර්ථික අර්බුදය උත්සන්න සමයේ මෙරට කොහිල පරිභෝජනය සියයට 40කින් ඉහළ නැඟ තිබු බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් කළ පර්යේෂණ වාර්තාවක දැක්වේ. 30 March 2023
පළාත් කීපයකට ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අනුරාධපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (30) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 March 2023
වෙඩි කෑ හෝටල් හිමිකරු මරුට මිදිගම සංචාරක හෝටලයක් අසලදී නාඳුනන පිරිසකගේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ හෝටල් හිමිකරු මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 30 March 2023
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හික්කඩුව සිට මරදාන බලා ගමන්ගන්නා සීඝ්‍රගාමී දුම්රිය මග්ගොන ප්‍රදේශයේ දී කාර්මික දෝෂයකට ලක්ව ඇති බැවින් මුහුදු බඩ මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බව කළුතර දුම්රිය බලධාරීන් සඳහන් කරයි . 30 March 2023
වීසා ජාවාරමෙක් කොටු වේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ මහනුවර වීසා මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වී අධික මුදලකට ඉන්දියන් වීසා නිකුත් කළ සංවිධානාත්මක ජාලයක මහ මොළකරු වන දත්ත සැපයුම්කරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 30 March 2023
අහංගම වෙඩි තැබීමක් මෝටර් රථයකින් පැමිණි පිරිසක් අහංගම මිදිගම සංචාරක අවන් හලක් ඉදිරිපිටදි එම අවන් හලේ අයිතිකරුට අද (29) රාත්‍රි වෙඩිතබා පලාගොස් ඇතැයි මිදිගම පොලිසිය පවසයි. 29 March 2023
ඛනිජ තෙල් වෘත්තිය සමිති නායකයන්ට වාහනත් දීලා ඛනිජ තෙල් වෘත්තිය සමිතිවල බොහෝ දෙනෙක් පසුගිය කාලයේ විශාල වරප්‍රසාද ගණනාවකට හිමිකම් කී බවත් ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ වෘත්තිය සමිති නායකයන්ට එම ආයතනයෙන් නිල වාහන හතරක් වෙන්කර තිබූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 29 March 2023
මුහුදේ යන්න ගිය රුසියානුවාගේ දිවි බේරයි මොරගල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි රුසියානු ජාතිකයකු මුහුදේ ගිලෙමින් සිටියදී ඒ අසල සිටි සංචාරක මග පෙන්වන්නන් තිදෙනකු විසින් ඔහුගේ ජීවිතය බේරා ගෙන තිබේ. 29 March 2023
තායිලන්තය ගංගාරාමයට පාත්‍රා පූජා කරයි ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින තායිලන්ත වෙළෙඳ සාකච්ඡා දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පාත්‍රා පන්සියයක් පූජා කළහ. 29 March 2023
සාරා ජස්මින් මියගිහින් පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මියගිය පිරිස අතර සිටි පුලස්තනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් මියගිය පිරිස අතර සිටින බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාව තහවුරු කරන බව පොලිස් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 29 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026