IMG-LOGO

සජිත් කර්මාන්තකරුවන්ගේ දුක මැතිසබයට කියයි

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

මහා පරිමාණ ඇඟලුම් කර්මාන්ත මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට රජය සහන නොසැලසීම නිසා ඒවා වැසී ගොස් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මහා පරිමාණ ඇඟලුම් කම්හල් කිහිපයක්ම දැනටමත් වැසී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

විපක්ෂ නායකවරයා මෙසේ ද සඳහන් කළේය.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හෝටල් මෙරට දේශීය ඇඳුම් ආයතන වැසී යාමේ අවදානමක් පවතිනවා. නිමි ඇඳුම් ආනයනයට ඉඩ ප්‍රස්ථාව සැලසීම නිසා දේශීය ඇඟලුම් කර්මාන්තයට මරු පහරක් එල්ල වී තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ණය පොලී අනුපාතය පහත හෙළීමට කටයුතු කරන්නේද?. එම ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය යම් ප්‍රමාණයක් කපා හැරීමට අවස්ථාවක් තිබේද? ධනපතියන්ගේ බොල් ණය කපා හරින වෙලාවක ඒ අයට සහන දෙන්න බැරි ඇයි? ණය සියයට 30 කින් කපා හරින්න කියලා ඉල්ලනවා. ඒ අය වෙනුවෙන් ණය සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. රජය මේ පිරිස සම්බන්ධයෙන් යොමු කර ඇති අවධානය ප්‍රමාණවත් නෑ.

මේක ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්නයක්. අපි රජයෙන් මේ ප්‍රශ්නයට ඉක්මන් පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ඇඟලුම් කම්හල් කියන්නේ මේ රටට විදේශ විනිමය ගෙන එන ආයතන. ඒ නිසා ඒ ආයතන රජයකට අමතක කරන්න බැහැ. කර්මාන්තකරුවන්ට ව්‍යාපෘති වලට ප්‍රවේශ වීමට උත්තේජකයක් ලබාදෙන්න.



අදහස් (0)

සජිත් කර්මාන්තකරුවන්ගේ දුක මැතිසබයට කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 139 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site