IMG-LOGO

ලොව ධනවතාගේ වත්කම් හිටිහැටියේ පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝකයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන බර්නාඩ් ආර්නෝල්ට්ගේ වත්කම දවසක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් අඩු වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

ඇමෙරිකානු ආර්ථිකය දුර්වල වීම හේතුවෙන් සුඛෝපභෝගී භාණ්ඩ වලට ඇති ඉල්ලුම පහල යනු ඇතැයි මතයක් නිර්මාණය වීම හේතුවෙන් එල්වීඑම්එච් සමාගමේ කොටස් අගය පහල වැටීම ඔහුගේ වත්කම දිනක් තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් අඩු වීමට හේතු වී තිබේ.එල්වීඑම්එච් සමාගමේ කොටස් අගය ඊයේ(23) සියයට 5 කින් පහල වැටී ඇති අතර එය වසරක් තුල එම සමාගමේ කොටස් අගය පහල වැටුණු වැඩිම ප්‍රතිශතය වේ.

ඇමෙරිකානු ඩොලර් බිලියන 11.2 කින් ඔහුගේ වත්කම පහල වැටුණු පසු ඔහුගේ නව වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 191.6 ක් ලෙස සඳහන් වී තිබේ.ආර්නෝල්ට්ගේ වත්කම පහල යෑමත් සමඟ ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය සිටින ඊලෝන් මස්ක් සහ ඔහු අතර ඇති වත්කමේ පරතරය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.4 ක් දක්වා අඩු වී ඇත.

 



අදහස් (0)

ලොව ධනවතාගේ වත්කම් හිටිහැටියේ පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 139 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site