IMG-LOGO

පොසොන් උළෙලට සල්ලි සොයන්න මහ සඟරුවන පිඬු සිඟා වඩිති

(උපුල් හේරත්,බි.ජී.චතුරංග සහ දයාරත්න ඇඹෝගම)

ජාතික පොසොන් උත්සවයට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහා මිහින්තලා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමියෝ පෙරටු කර ගත් මහා සංඝවහන්සේ අද මිහින්තලේ පොදු වෙළෙඳපොළේ පිඬුසිඟා වැඩියහ.

මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර මේ සඳහා රජයෙන් වෙන් කළ මුදල් ප්‍රමාණවත් නොමැති බව මිහින්තලා හිමියෝ ප්‍රකාශ කළහ.

ඉතිරි මුදල් සොයාගැනීම සඳහා පිඬුසිඟාවඩින බව නා හිමියෝ ප්‍රකාශ කළහ. පොසොන් පෝහෝය වෙනුවෙන් පැවැත්වෙන මිහිදු පෙරහැර සදහා පමණක් රැපියල් ලක්ෂ 130 ක් වියදම් වන බව අද දින මිහින්තලේ රජමහා විහාරයේ මැද මළුවේ පැවති පොසොන් කමිටු රැස්විමේදි උන්වහන්සේ පැවසුහ.

ඒ සදහා බුද්ධ ශාසන අමාත්‍යාංශය මගින් රැපියල් ලක්ෂ පනහක මුදලක් ලබාදෙන බවට පොරොන්දු වුවද ඉන් ලබාදි ඇත්තේ රැපියල් ලක්ෂ තිහක මුදලක් පමනක් බවත් රජය පොසොන් රාජ්‍ය උත්සවය පැවැත්විම සදහා කිසිදු උනන්දුවක් නොදක්වන බවටත් උන් වහන්සේ මෙහිදි චෝදනා කළහ.

ඒ අනුව මෙසේ මහා සංඝරත්නය මිහින්තලේ පොදු වෙළෙඳපොළේ පිඬුසිඟා වැඩියහ

 



අදහස් (6)

පොසොන් උළෙලට සල්ලි සොයන්න මහ සඟරුවන පිඬු සිඟා වඩිති

Shashika519 Wednesday, 24 May 2023 07:47 PM

මෙච්චර වියදමක් දරලා පෙරහැර තියනවට මම පුද්ගලිකව විරුද්ධයි.

:       8       20

pakeer Wednesday, 24 May 2023 09:35 PM

මේවා සම්බන්ධයෙන් කතාකර පව් පුරවා ගැනීම නුවණට හුරු නැත. මේවා සම්බන්ධයෙන් උපේක්ෂාවෙන් බලා... නිහඬ වීම වඩා උචිතයි.

:       0       3

Lalla Thursday, 25 May 2023 12:40 AM

නිකම්ම පූචානම විතරයි...ඔය බොරු උත්සව ඕන නෑ..

:       0       2

රවී Thursday, 25 May 2023 08:20 AM

අන්න නියමයි හාමුදුරුවනේ... ඊලඟ අවුරුදුවලත් ඔහොමම කරන්න

:       0       2

Jagath Wickramasekara Thursday, 25 May 2023 09:12 AM

බොරු වියදම්

:       0       2

දාස Thursday, 25 May 2023 05:17 PM

මේ එකතු කරන මුදල් නැති බැරි මිනිසුන්ට කන්න දෙන්න යොදවන්න. එයයි බුදුන් වදාල ධර්මය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 137 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site