IMG-LOGO

ජනපති ආසියාවේ අගය ගැන ලෝකයට කියයි

(අංජුල මහික වීරරත්න)

ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාව ලෝකයට ඉතා වැදගත් කාරයභාරයක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජපානයේ ටෝකියෝ හි පැවති ආසියාවේ අනාගතය පිළිබඳ Nikkei සංසදය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙි බව කීය.

ආසියාව මුහුණ දෙන ප්‍රධාන අභියෝග තුනක් පවතින බව කී ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මානව හිමිකම්, දේශගුණික විපර්යාස සහ වෙළෙඳ ඒකාබද්ධතාවය එම ප්‍රධාන අභියෝග වන බව පැවසීය.

ආසියානු රටවල මානව හිමිකම් පිළිබඳ සහ විවිධ දේශපාලන පද්ධති සහ නිර්වචනවලට ගරු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

 



අදහස් (7)

ජනපති ආසියාවේ අගය ගැන ලෝකයට කියයි

Jagath Wickramasekara Thursday, 25 May 2023 11:54 AM

ආසියාවේ බුද්ධිමත්ම නායකයෙක්

:       22       29

Jagath Wickramasekara Thursday, 25 May 2023 11:54 AM

ආසියාවේ බුද්ධිමත්ම නායකයා

:       21       28

ලුම්බිණි Thursday, 25 May 2023 12:12 PM

ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ...!

:       19       12

nimesh Thursday, 25 May 2023 12:52 PM

ඡන්දෙ තියන්නේ නැති, මානව හිමිකම් කොමිසමේ නියෝග ඉල්ලීම් සත පහකට ගණන් ගන්නේ නැති, පින්පති වෙන රටවලට ගිහින් මානව හිමිකම්වල අගය ගැන දේශනා කරනවා. අනේ මන්දා මේවා අහන් ඉන්න මිනිස්සු අඩුම ගානේ කියන මනුස්සයා කොහෙන්ද එන්නේ කියලාවත් හොයලා බලනවාද කියලා...

:       16       25

Ananda Thursday, 25 May 2023 01:19 PM

කට ඇරියොත් ප්‍රජාතන්ත්‍රවාදේ... ලෝකයට පරකාසේ, ගෙදරට මරගාතේ...

:       11       13

Hafeel Thursday, 25 May 2023 02:02 PM

ඒ නිසාද ඔහු මත්තල ගුවන්තොටුපොළ වී ගබඩා කළේ? රනිල් දන්නේ ලාබ ලබන රාජ්‍ය ආයතනවල් විකුණන්නත්, පුද්ගලික කරන්නත් මිස ඔහුට කිසිම ආයතනයක්වත් ගොඩ දාන්න දැනුමක් නැහැ...

:       11       6

සෙනෙවිරත්න Thursday, 25 May 2023 02:54 PM

අනාගතයේදී කරන බවත් මෙතෙක් කිසිවක් කරලා නැති බවත් ඔප්පු කරපු ආසියාවේ මහල්ලා...

:       8       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 137 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 156 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site