(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහවැලි අධිකාරියේ සේවා කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කිරීමට අපොහොසත්වීම පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ( කෝප් කමිටුව) මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළේය.
පුරවැසියන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීම අධිකාරියේ මූලික අරමුණක් ලෙස සඳහන්ව තිබුණද එම අරමුණ ඉටු කිරීමට අපොහොසත්ව ඇතැයිද සභාපතිවරයා කීවේය.
ඒ අනුව මහවැලි අධිකාරියේ ප්‍රතිපත්ති පරීක්ෂා කර නවීන ලෝකය වඩා ගැළපෙන පරිදි මෙහෙවර සහ දැක්ම යළි සකස් කරන ලෙස කෝප් කමිටු සභාපතිවරයා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.
එසේම අධිකාරිය ඉඩම් වෙන්කිරීමේ ක්‍රියාවලියේදී ඩිජිටල් යටිතල පහසුකම් භාවිතා නොකිරීම පිළිබඳව කමිටුව කරුණු විමසීය. එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙසද කමිටුව මෙහිදී උපදෙස් දුන්නේය.
ඉඩම් පැවරීමේ ක්‍රියා පටිපාටිය පිළිබඳව වාර්තාවක් සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන ලෙසද එම අධිකාරියට උපදෙස් දුන් බව කෝප් කමිටුව පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මහවැලියට කෝප් කමිටුවෙන් දොස්
සෙනෙවිරත්න Thursday, 25 May 2023 02:40 PM
දත් නැති කොටියා ගෙරෙව්වාට කව්ද බය? රටේ සල්ලි කන නාඩගම් මඩු.
සෙනෙවිරත්න Thursday, 25 May 2023 02:47 PM
මෙතැනින් දොස් නාහන එක ආයතනයක් සහ පෙර දොස් අසා යහමගට ආ ආයතනයක් නම්කර තෑගි ලබාගන්න...
dasun Thursday, 25 May 2023 03:39 PM
මීට වසර 2කට පෙර මහවැලි ඉඩම් 30 අවුරුදු බදුදීම්වලට අදාළව රුපියල් 2000 බැගින් ඉල්ලුම්කරුවන්ගෙන් ගසාකන ලද රුපියල් කෝටි ගණන වහාම එම අයදුම්කරුවන්ට ලබාදෙනු...