IMG-LOGO

කසිප්පු සමග ඇල්ලූ කත හදිසියේ මිය යයි

(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පානදුර උතුර පොලිසිය අද රාත්‍රි අත්අඩංගුවට ගත් කාන්තාවක හදිසියේ අසනීපව මරණයට පත්ව ඇති බව පානදුර උසස් පොලිස් නිළධාරීයෙක් පොලිසිය පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ පානදුර, දිග්ගල ප්‍රදේශයේ පදිංචි නයනා රෝෂිනී නමැති 52 හැව්රිදි කාන්තාවක බව පොලිසිය කීය.

මියගොස් ඇති කාන්තාව නීති විරෝධී මත්පැන් අලෙවි කරන බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිස් කණ්ඩායමක් අද රාත්‍රි නිවස වටලා තිබේ.

එහිදී සැකකාර කාන්තාව නීති විරෝධී මත්පැන් සමග අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එන අතරතුර හදිසියේ අසනීපව ඇති බව පොලිසිය කියයි.

ඒ අනුව අදාල කාන්තාව පවුලේ ඥාතීන් කැදවා රෝහලට රැගෙන යන ලෙස උපදෙස් දී ඇති අතර , රෝහල් ගතකිරිමේදී මියගොස් ඇති බව පොලිසිය කීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

 



අදහස් (2)

කසිප්පු සමග ඇල්ලූ කත හදිසියේ මිය යයි

Bunny Preena Thursday, 25 May 2023 10:45 AM

හිතේ දුකට හෘදයාබාධයක් හදුනාවත්ද?

:       1       0

mangala Thursday, 25 May 2023 01:33 PM

අත්අඩංගුවට ගත්තා නම්, අසනීප වුණානම් රෝහලට ගෙනියන්න ඕනෑ පොලීසිය නෙවෙයිද, ඥාතීන්ට එන්න කියන්නේ ඇයි..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 139 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site