IMG-LOGO

ඇස් කාච ඉස්සූ රෝහල් සේවකයා මාට්ටු

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ශල්‍යාගාරයේ තිබූ ඇස් කාච දහයක් සොරාගෙන ගියේ යැයි කියන එම රෝහලේ ශල්‍යාගාර සහායකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලීසිය පවසයි.

සැකකරු  සොරාගෙන ගිය බව කියන ඇස් කාච වල වටිනාකම රුපියල් 369,000ක් වන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

පෞද්ගලික රෝහලේ කාර්යභාර නිලධාරිවරයා කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි අයෙකි.

කොම්පඤ්ඤ වීඩියෝ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 



අදහස් (0)

ඇස් කාච ඉස්සූ රෝහල් සේවකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 139 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 349 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site