IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කලුතර විද්‍යාපීඨ සිසුහු 100ක් ලෙඩ වෙති

(සුමිත් පොතුපිටිය )

කලුතර විද්‍යාපීඨයේ ඉගෙනුම ලබන ගුරු ශිෂ්‍ය ශිෂ්‍යයාවන් 100 කට ආසන්න  පිරිසකට උණ රෝගය වැළදී ඇති බව කළුතර සෞඛ්‍ය බලධාරියෙක් පැවසීය. 

උණ රෝගය වැළදුණ හතලිහකට ආසන්න  පිරිසක් නිවෙස්වලට පිටත්කර හැර ඇති බවත්, අනෙක් පිරිස නේවාසිකාගාරවල රැදී සිටින බවද සදහන් වේ.

රෝගීන්ට ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය පහසුකම් සහ ආහාර පහසුකම් ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති බවද විද්‍යාපීඨය ආරංචි මාර්ග සදහන් කරයි.

ගුරු ශිෂ්‍යයන් පිරිසක් විද්‍යාපීඨයේ කොස්ගස්වලට නැග කොස් ගෙඩි 15 ක් පමණ කඩා කිරිකොස් ව්‍යාංජනයක් පිළියෙල කරගත් බවත් සදහන් වේ.

රෝගීන් වෙනුවෙන් එක් වෛද්‍ය ප්‍රතිකාර කාමරයක් ස්ථාපිත කර ඇති අතර එහි වෛද්‍ය සහායිකාවන් දෙදෙනාගේ සේවය ප්‍රමාණවත් නොවන බව පැවසේ.‍ෙ

මේ පිළිබඳ අදහස් දැක්වූ පීඨාධිපති ඒ ජේ එස් බස්නාගොඩ මහතා මෙසේ පැවසීය.

ළමයින් 25 ක් පමණ  නිවෙස්වලට පිටත්කර යැව්වා. අද දිනයේ තවත් 30 ක් පමණ රෝහලට යොමුකරන්න බලාපොරොත්තු වෙනවා.  විද්‍යාපීඨය සතු එකම වෑන් රථය කාර්මික දෝෂයකට ලක්වෙලා. ළමුන්ට ප්‍රවාහන පහසුකම් දෙන්න විදිහක් නෑ. එක් අයකු වෙනුවෙන් ආහාරයට  රජය වෙන්කරන්නේ දිනකට රුපියල් 53 යි. ඒ මුදලට අනුව තමයි ආහාර ලබාදෙන්න වෙලා තියෙන්නේ.

 මේ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ අමාත්‍යාංශය දැනුවත් කලා යනුවෙන් පැවසීය.

 

 



අදහස් (1)

කලුතර විද්‍යාපීඨ සිසුහු 100ක් ලෙඩ වෙති

Anil wikramasinha Wednesday, 24 May 2023 06:21 PM

මේක හරිම අසාධාරණයක්... පාර්ලිමේන්තුවේ කෑම කීයක් වියදම් කරනවද? ඔවුන්ට කාලා තෙල වැඩිවෙලා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site