(ටී.කේ.ජී.කපිල)
නීති විරෝධිව රත්තරන් සහ ඡංගම දුරකතන රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ට රුපියල් ලක්ෂ 75 දඩයක් නියම කළ රේගුව ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ බව රේගු ආරංචි මාර්ග කියයි.
රන් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සහ ඡංගම දුරකතන 91ක් ඔහුගේ ගමන් බෑගයේ තිබී හමු වූ බව රේගුව කියයි.
මෙම රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය අද අලුයම 04.00 ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසීය .
මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ , රන් බිස්කට් , ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර , මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .
මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල අද දින අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාති ආගම් කුලභේද නොතකන රට ගැක් පමනක් හිතා වැඩකරන අපේ මන්ත්‍රී උතුමෙක්. ඔබ තුමා දිනෙන් දිනේවා.
ඔතරම් වත්කමක් ඔහු උපයා ගත්තේ කෙසේද යන්න ගැන විමර්ශනය කිරීම සහ එම වත්කම සාධාරණව උපයා නැත්නම් ඒ පිළිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගැනීමත් සිදු කලයුතුයි.
එමෙන්ම ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇත.
දඩය ගෙනාපු හොර බඩුවල වටිනාකමින් 10% යි. නියමයි. හැමෝටම මේ චාන්ස් එක දෙන්න බැරිද..?
මේ මනුස්සයාව නිදහස් කරලද
සාමාන්‍ය මිනිහෙක් ඔයින් සීයෙන් එකක් ගෙනාවා නම් උසාවි දාලා හිරේ.
රාජසන්තක කල භාණ්ඩ වලට මොනවා වෙයිද
මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් කරන අයට උසාවියකින් නඩු අහලා සිරා දඬුවම් නියම කරන්නේ නැතිද?
ඔය පලවෙනි වාරෙ නෙමෙයිනෙ . ඉතින් ලක්ශ 75 කියන්නෙ උන්ට නතින් . ඊලග වාරෙ දෙගුණයක් ගෙනෙයි. ඇමති ආශිර්වාදයෙන්ම .
මේ වගේ ජාවාරම් කාරයින්ට අපරාධකාරයින්ට ,මිනීමරුවන්ට චන්දෙ දීලා බලයට පත් කරගත්තු නිසානේ ලංකාවට අද කෙලවිලා තියෙන්නේ
ලක්ෂ 75ක් ගෙවලා ගිහින්..!!! කොහොම සල්ලියක් ඇද්ද? රස්සාව මන්ත්‍රීකම. ඒකනේ කට්ටිය ජීවිතේ පරදුවට තබලා ඔය රස්සාව හොයන්නේ... නැතිව රටට ජනතාවට ආදරයකට නෙවෙයිනේ...!
මේවා අරගල කාරයින්ගේ වැඩ...
පවු අහිංසක හොරා... ඔය කියන දඬුවම් දෙයිද? හි හි..!
පාර්ලිමේන්තුවේ ඉන්න අය හැටියට ඕක නොසලකා හැරිය හැකි සුළු වරදක්. එයාව නිදහස් කරන්න.
මේ වගේ මිනිස්සු ජනතාව මුලා කරලා ඡන්ද අරන් පාර්ලිමේන්තු එන්නේ ඔය වගේ හොර වැඩකරන්න තමයි. ලැජ්ජා නැතිද ආපසු ගමට යන්න.
මෙම පුද්ගලයාට බඩු රාජසන්තක කර දඩ ගසා නිදහස් කරන්නේද? අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ නැද්ද? රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයා ගන්නා ක්‍රියා මාර්ගය විමසිල්ලෙන් බලා සිටිනු ඇත...
මෙයාට තියෙන සල්ලි කන්දරාව.. ඕක හැමදාම කරන්න ඇති. දැනුත් පාර්ලිමේන්තුව උත්තරීතරද?
විලිලැජ්ජාවක් කියලා බින්දුවක් වත් නැතිව පාර්ලිමේන්තු ගිහින් වැඩිවෙයිද?
ඔත්තුවක් නිසා මාට්ටු වුණා. නැතිනම් මේ ඇමැතිලා ඩුබායි යන්නේ පිස්සුවටද?
අනිවාර්යයෙන්ම ඔහු මන්ත්‍රී ධුරය අතහැරිය යුතුයි. එතකොට මහ අය තිරුපති කෝවිලට ගෙනියපු රත්තරන් පිටකළේ කොහොමද කියලා දේකුත් තියෙනවා නේද?
රටම හොරාකාලා, කාබාසිනියා කරපු අයට කිසිම අවුලක් නැහැ. සදහටම හිරේ ඉන්න ඕනෑ අය නිදහසේ...!
පවුල් ආණ්ඩුව බලයේ හිටියා නම් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
මන්ත්‍රී අලි සබ්‍රිට ලක්ෂ 75ක් දඩ.., බඩුත් රාජසන්තකයි.. මේ කතාව මාධ්‍ය ජිමික් එකක් වෙන්නත් පුළුවන්.. සමහර විට පස්ස දොරෙන් බඩු ටික මෙලහට නිදහස් කර ගෙනත් ඇති.. අයියෝ සාමි...!
මාධ්‍යවල මෙහෙම කතාවක් ගියාට දැනටමත් බඩුටිකත් නිදහස් කරගෙන ඇති...