IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මන්ත්‍රී අලි සබ්‍රිට ලක්ෂ 75 දඩ, බඩුත් රාජසන්තකයි

(ටී.කේ.ජී.කපිල)

නීති විරෝධිව රත්තරන් සහ ඡංගම දුරකතන රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහිම්ට රුපියල් ලක්ෂ 75 දඩයක් නියම කළ රේගුව ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කළ බව රේගු ආරංචි මාර්ග කියයි. 

රන් කිලෝ තුනකට අධික ප්‍රමාණයක් සහ ඡංගම දුරකතන 91ක් ඔහුගේ ගමන් බෑගයේ තිබී හමු වූ බව රේගුව කියයි.

මෙම රත්තරන් සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරි පහසුකම් ඔස්සේ රැගෙන ඒම පිළිබඳ විධිමත්  රේගු පරීක්ෂණය අද අලුයම 04.00 ට පමණ නිමා වී තිබූ බව රේගු ආරංචි මාර්ග පැවසීය .

මෙම මන්ත්‍රීවරයා විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ , රන් බිස්කට් , ස්වර්ණාභරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන තොගය රාජසන්තක කිරීමට නියෝග කර තිබූ අතර , මෙම මන්ත්‍රීවරයාව රුපියල් ලක්ෂ හැත්තෑ පහක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ .

මෙම මන්ත්‍රීවරයා මෙම දඩ මුදල අද දින අලුයම ගෙවා දමා රේගු මූලස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ .

 



අදහස් (26)

මන්ත්‍රී අලි සබ්‍රිට ලක්ෂ 75 දඩ, බඩුත් රාජසන්තකයි

CK.Lankaputhra Wednesday, 24 May 2023 07:51 AM

ජාති ආගම් කුලභේද නොතකන රට ගැක් පමනක් හිතා වැඩකරන අපේ මන්ත්‍රී උතුමෙක්. ඔබ තුමා දිනෙන් දිනේවා.

:       2       31

senaWednesday, 24 May 2023 11:22 AM

හරියටම හරි... අනිත් අය කරන හොරකම්, මැරකම් සහ ජඩකම් බලනකොට මෙයා කරලා තියෙන්නේ කොච්චර අහිංසක වැඩක්ද?

:       2       5

swene Wednesday, 24 May 2023 07:52 AM

ඔතරම් වත්කමක් ඔහු උපයා ගත්තේ කෙසේද යන්න ගැන විමර්ශනය කිරීම සහ එම වත්කම සාධාරණව උපයා නැත්නම් ඒ පිළිබඳ නීතිමය ක්‍රියා මාර්ග ගැනීමත් සිදු කලයුතුයි.

:       0       41

lankaputha Wednesday, 24 May 2023 07:55 AM

එමෙන්ම ඔහු තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු ඇත.

:       0       38

hafeelWednesday, 24 May 2023 11:38 AM

නැතුව නැතුව... මේ හාදයා 20, 21 සහ 22 සේර්මට අත ඉස්සුවා.. ඉදිරියට ගේන්න ඉන්න පනත්වලටත් අත උස්සන්න රනිල්ට මෙයා වගේ අය අවශ්‍යයි නේද? හැබැයි පහුගිය මහ මැතිවරණයේදී ජාතිවාදී අවුස්සලා තමයි ඡන්ද ගත්තෙත්...

:       0       14

යෝගා Wednesday, 24 May 2023 07:57 AM

දඩය ගෙනාපු හොර බඩුවල වටිනාකමින් 10% යි. නියමයි. හැමෝටම මේ චාන්ස් එක දෙන්න බැරිද..?

:       1       41

shamika Wednesday, 24 May 2023 08:08 AM

මේ මනුස්සයාව නිදහස් කරලද

:       0       32

Kumara Wednesday, 24 May 2023 09:01 AM

සාමාන්‍ය මිනිහෙක් ඔයින් සීයෙන් එකක් ගෙනාවා නම් උසාවි දාලා හිරේ.

:       0       39

Maxi Wednesday, 24 May 2023 09:16 AM

රාජසන්තක කල භාණ්ඩ වලට මොනවා වෙයිද

:       1       33

Bunny Preena Wednesday, 24 May 2023 09:26 AM

මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් කරන අයට උසාවියකින් නඩු අහලා සිරා දඬුවම් නියම කරන්නේ නැතිද?

:       0       40

Nathalie Wednesday, 24 May 2023 10:02 AM

ඔය පලවෙනි වාරෙ නෙමෙයිනෙ . ඉතින් ලක්ශ 75 කියන්නෙ උන්ට නතින් . ඊලග වාරෙ දෙගුණයක් ගෙනෙයි. ඇමති ආශිර්වාදයෙන්ම .

:       0       37

Perera Wednesday, 24 May 2023 10:16 AM

මේ වගේ ජාවාරම් කාරයින්ට අපරාධකාරයින්ට ,මිනීමරුවන්ට චන්දෙ දීලා බලයට පත් කරගත්තු නිසානේ ලංකාවට අද කෙලවිලා තියෙන්නේ

:       0       37

කිරිපුා Wednesday, 24 May 2023 10:27 AM

ලක්ෂ 75ක් ගෙවලා ගිහින්..!!! කොහොම සල්ලියක් ඇද්ද? රස්සාව මන්ත්‍රීකම. ඒකනේ කට්ටිය ජීවිතේ පරදුවට තබලා ඔය රස්සාව හොයන්නේ... නැතිව රටට ජනතාවට ආදරයකට නෙවෙයිනේ...!

:       0       20

ලුම්බිණි Wednesday, 24 May 2023 10:33 AM

මේවා අරගල කාරයින්ගේ වැඩ...

:       0       15

Kumara Wednesday, 24 May 2023 10:35 AM

පවු අහිංසක හොරා... ඔය කියන දඬුවම් දෙයිද? හි හි..!

:       0       10

Nimal Wednesday, 24 May 2023 11:13 AM

පාර්ලිමේන්තුවේ ඉන්න අය හැටියට ඕක නොසලකා හැරිය හැකි සුළු වරදක්. එයාව නිදහස් කරන්න.

:       0       4

ranjith Wednesday, 24 May 2023 11:35 AM

මේ වගේ මිනිස්සු ජනතාව මුලා කරලා ඡන්ද අරන් පාර්ලිමේන්තු එන්නේ ඔය වගේ හොර වැඩකරන්න තමයි. ලැජ්ජා නැතිද ආපසු ගමට යන්න.

:       0       11

පුරවැසියෙක්.. Wednesday, 24 May 2023 11:57 AM

මෙම පුද්ගලයාට බඩු රාජසන්තක කර දඩ ගසා නිදහස් කරන්නේද? අධිකරණමය ක්‍රියාමාර්ග ගනු ලබන්නේ නැද්ද? රටේ ජනතාව මේ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයා ගන්නා ක්‍රියා මාර්ගය විමසිල්ලෙන් බලා සිටිනු ඇත...

:       0       12

Kazi Shajahan Wednesday, 24 May 2023 12:19 PM

මෙයාට තියෙන සල්ලි කන්දරාව.. ඕක හැමදාම කරන්න ඇති. දැනුත් පාර්ලිමේන්තුව උත්තරීතරද?

:       0       13

siri Wednesday, 24 May 2023 12:23 PM

විලිලැජ්ජාවක් කියලා බින්දුවක් වත් නැතිව පාර්ලිමේන්තු ගිහින් වැඩිවෙයිද?

:       0       10

fairoos Wednesday, 24 May 2023 12:56 PM

ඔත්තුවක් නිසා මාට්ටු වුණා. නැතිනම් මේ ඇමැතිලා ඩුබායි යන්නේ පිස්සුවටද?

:       1       11

Ananda Wednesday, 24 May 2023 01:42 PM

අනිවාර්යයෙන්ම ඔහු මන්ත්‍රී ධුරය අතහැරිය යුතුයි. එතකොට මහ අය තිරුපති කෝවිලට ගෙනියපු රත්තරන් පිටකළේ කොහොමද කියලා දේකුත් තියෙනවා නේද?

:       0       6

ගමේ එකාලා Wednesday, 24 May 2023 02:30 PM

රටම හොරාකාලා, කාබාසිනියා කරපු අයට කිසිම අවුලක් නැහැ. සදහටම හිරේ ඉන්න ඕනෑ අය නිදහසේ...!

:       0       4

විපරමා Wednesday, 24 May 2023 04:24 PM

පවුල් ආණ්ඩුව බලයේ හිටියා නම් වෙන දේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       0

Marikkar Wednesday, 24 May 2023 05:27 PM

මන්ත්‍රී අලි සබ්‍රිට ලක්ෂ 75ක් දඩ.., බඩුත් රාජසන්තකයි.. මේ කතාව මාධ්‍ය ජිමික් එකක් වෙන්නත් පුළුවන්.. සමහර විට පස්ස දොරෙන් බඩු ටික මෙලහට නිදහස් කර ගෙනත් ඇති.. අයියෝ සාමි...!

:       0       0

Mohamed Marikkar Wednesday, 24 May 2023 05:43 PM

මාධ්‍යවල මෙහෙම කතාවක් ගියාට දැනටමත් බඩුටිකත් නිදහස් කරගෙන ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 460 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2212 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1662 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site