IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොන්ක්‍රිට් තට්ටුවෙන් වැටී සිසුවා මරුට

(ප්‍රසාද් රුක්මල් )

අපොස සා.පෙළ විභාගයට මෙවර පෙනි සිටින සිසුවෙකු මිතුරන්  සමඟ පස්සර මැදවෙලගම ප්‍රදේශයේ මිතුරකුගේ නිවසකට  පාඩම් කිරිමට ගොස් සිටියදී  නිවසක උඩුමහලේ කොන්ක්‍රීට් තට්ටුවෙන් අඩි 27 ක් පමණ පහළට ඇද වැටී බරපතළ තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවිමෙන් අනතුරුව මියගිය බව පස්සර පොලිසිය පවසයි .

පස්සර රබර්වත්ත මඩුගස්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පස්සර ජාතික පාසලේ ඉගෙනුම ලබමින් සිටි මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දර්ශන විදුරංග (17) නැමති සිසුවා මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය .

මෙම සිසුවා මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටින ඔහුගේ නිවසට නුදුරින් සිටින මිතුරකුගේ නිවසකට පාඩම් කිරිමට තවත් මිතුරන් කිහිපදෙනක් සමඟ ගොස් ඇති බවත් ,රාත්‍රියේ හදිසි අවශ්‍යතාවයකට  මොහු නිවසේ ස්ලැබ් එකට නැගිමට යාමේ දී මෙසේ ඉන් බිමට ඇද වැටී ඇති බවත් පොලිසිය සදහන් කළේය .



අදහස් (3)

කොන්ක්‍රිට් තට්ටුවෙන් වැටී සිසුවා මරුට

පැරකුම් Tuesday, 23 May 2023 03:10 PM

මෙවැනි පුවත් ඉදිරියට සාමාන්‍ය දේවල්වනු ඇත. මත්‍ද්‍රව්‍ය නියාමනය නොකිරීම සහ දෙමව්පියන්ගේ නොසැලකිල්ල ඊට හේතුවයි...!

:       0       0

Bunny Preena Tuesday, 23 May 2023 04:25 PM

බොහෝම කණගාටුදායක මරණයක්... එහෙ මෙහේ නගින්නේ නැතිව හරි මාර්ගයේ ගියා නම් මෙවැනි අනතුරක් සිදුවෙන්නේ නැහැනේ... හෙළි නොවූ කිසියම් කරුණක්ද මෙහි සැඟවී තිබිය හැකිය...

:       0       0

Bunny Preena Wednesday, 24 May 2023 10:06 AM

පාඩම් කරන්න ආවානම් කාමරේට හෝ ස්තොප්පුවට වෙලා පාඩම් කරන්න එපැයි .කොන්ක්‍රීට් ස්ලැබ් අස්සේ රිංගන්න ගියේ මොන එහෙකටද?අපරාදේ තරුණ ජීවිතයක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site