IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


යුක්රේන ආධාර ගැන රුසියවෙන් ඇමෙරිකාවට චෝදනාවක්

ඇමෙරිකා එක්සත් ජනපදය යුක්රේනයට ලබා දුන් ආධාර ගිණුම්ගත කිරීමේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක වැඩිපුර සටහන් වී ඇතැයි රුසියන් ටුඩේ නාලිකාව වාර්තා කර ඇත.

යුක්රේනයට ලබා දුන් ආධාර වල සැබෑ වටිනාකමට වඩා වැඩිපුර ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක් මුදලක් ආධාර ගිණුම් ගත කිරීමේදී ඇතුළත් වී ඇතැයි එම නාලිකාව පෙන්වා දී තිබේ.

ඒ පිළිබඳ ධවල මන්දිර ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් සී.එන්.එන් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබේ.

එහිදී පසුගිය වසරේ සිට යුක්රේනය වෙත යවන ලද ආයුධ නෞකා 37 සහ වෙනත් ආධාර පිළිබඳ අධීක්‍ෂණයක් සිදු නොවීම හේතුවෙන් මෙම ගිණුම්කරණ දෝෂය සිදු වූවා දැයි මාධ්‍යවේදියා ප්‍රශ්න කර ඇත.

එයට පිළිතුරු දෙමින් ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් සතයක්වත් අතුරුදන් වීමක් හෝ වැරදි ලෙස ගණනය කිරීමක් සිදුව නොමැති බව ජේක් සුලිවන් පෙන්වා දී ඇත.

යුක්රේනයට යුද උපකරණ ලබා දීමේදී එම උපකරණ වල සැබෑ වටිනාකම නොව ඒවා නැවත ලබා ගැනීමට වැය වන මුදල සටහන් කරන බව සුලිවන් ප්‍රකාශ කර තිබේ. ඒ හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් ගිණුම්වල සටහන් වී ඇති බවත් ඉන් අදහස් වන්නේ යුක්රේනයට තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක යුද උපකරන ලබා දිය හැකි බවත් යැයි ජේක් සුලිවන් පෙන්වා දී ඇත.

034



අදහස් (0)

යුක්රේන ආධාර ගැන රුසියවෙන් ඇමෙරිකාවට චෝදනාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site