යාල සිද්ධියට නවයක් අත්අඩංගුවට යාල උද්‍යානයේ සතුනට හිංසා වන අයුරින් ජීප් රථ පැදවීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් නම දෙනකු අත්අඩංගුවට ගත් බව යාල උද්‍යාන භාරකර මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේය. 26 October 2022
රනිල් ධුරයෙන් ඉල්ලා අස්වෙයි බ්‍රිතාන්‍ය පරිසර,ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. 26 October 2022
පළාත් කිහිපයකට වැසි බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 October 2022
යාලේ යකා නැටුම ගැන හොයාගන්න ත්‍රිපුද්ගල කමිටුවක් යාල වනෝද්‍යානයට ඇතුළත් ව අයථා ලෙස වාහන භාවිතා කරමින් වනජීවී හා වෘක්ෂලතා පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ පිරිස සම්බන්ධව පියවර නොගත් වන නිලධාරීන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබේ. 26 October 2022
පාස්කු සමාන ප්‍රහාරයක් ඉන්දියාවේත් ක්‍රියාත්මක වෙලා? ඉන්දියාවේ කොයිම්බතුර් හි දේවාලයක් ආසන්නයේ පසුගියදා මෝටර් රථයක තිබූ ගෑස් සිලින්ඩර් දෙකක් පිපිරී යෑමෙන් මියගිය 25 හැවිරිදි ජමීෂ මුබින්, 2019 වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු දින ත්‍රස්තවාදී ප්‍රහාරය සැලසුම් කළ සහරාන් හෂීම්ගේ ජාලයේ සාමාජිකයකු බව මූලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බව කොයිම්බතුර් පොලිසිය ප්‍රකාශ කළේය. 26 October 2022
ගෑස් ගන්න අලුත් ක්‍රමයක් ශ්‍රී ලංකාවේ මුහුණ සිටින විදේශ මුදල් අර්බුදයට විසඳුමක් ලෙස ලිට්රෝ සමාගම විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ ආදරණීයයන්ට අන්තර්ජාලය හරහා ලිට්රෝ ගෑස් ඇනවුම් කිරීමේ අවස්ථාව උදාකර තිබේ. 26 October 2022
හෂාන් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිලට එක් වෙයි බංග්ලාදේශ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්න මහතා පත්කර තිබේ. 26 October 2022
තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මාස කීපයක කුලී ගෙවා නෑ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය එම 34 වන මහල වෙනුවෙන් මාස කිහිපයක් වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න කුලී මුදල් පවා ගෙවා නොමැති බවට විමර්ශන වලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 25 October 2022
නීති කඩා යාල කැලේට රිංගූ සැකකරුවන් වහාම අධිකරණය හමුවට ගෙන්න යාල ජාතික වනෝද්‍යානයට ඇතුලු වී වන සතුන්ට හිංසා වන පරිදි අනිසි ලෙසින් නිති විරෝධීව හැසිරුනැයි කියන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් පවත්වා ඊට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිදු සමීර සිල්වා මහතා වනජීවි දෙපාර්තමේන්තුවට අද (25) නියෝග කළේය. 25 October 2022
ජනපති මාධ්‍ය අංශයේ කෝටි ගණනක බඩු අස්ථානගත වෙලා ජනාධිපති මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව තිබූ කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -20 කාලය තුළ අස්ථාන ගතව ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වේ. 25 October 2022
කැස්බෑව ශාඛ්‍ය ජනපදයට වැය කළ කෝටි හයක් වතුරේ බුද්ධශාසන අමාත්‍යංශය පෞද්ගලික සමාගමක් සමග එක්ව කැස්බෑව, කහපොළ, රෙජිඩේල් වත්තේ 2017දී මුල්ගල් තබා ඉදිකිරිම් ඇරඹු ශාඛ්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරිමේ ව්‍යාපෘතියට වසර තුනකදී කෝටි 6.36 ක් වැය කර වැඩ අවසන් නොකර අතහැර දමා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 25 October 2022
තරුණ අධ්‍යාපනය නඟා සිටුවීමට ‘ගූගල්’ සහය ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපන කටයුතු සඳහා ගූගල් මෙහෙයුම් භාවිතා කිරීමට ගූගල් සමාගම සහ ජාතික තරුණ සේවා සභාව අද (25) ගිවිසුමට අස්සන් තැබීය. 25 October 2022
දීඝවාපි බිමේ පස් ගොඩෙන් බුදු පිළියමක් හමු වේ දීඝවාපි පුරාණ රජමහා විහාරයේ චෛත්‍ය ඉදිකිරීම සදහා ගඩොල් කැපීමට ගෙනා පස් ගොඩක තීබී අඩියක් පමන උස බුද්ධ ප්‍රතිමාවක් හමුවන බව දීඝවාපී පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේදි පුජ්‍යපාද මහඔය සෝභිත හිමියන් පැවසීය. 25 October 2022
බාල වානේ වෙළෙඳපොළේ වෙළෙඳපොලේ ප්‍රමිතියෙන් තොර වානේ අළෙවි කරන්නේ යැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට පැමිණිළි ලැබී ඇතැයි එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 October 2022
වහළය මත සවිකරන සෝලා ගෙවීම් සංශෝධනය කරයි වහළය මත සවිකරන නව සූර් යය විදුලි ජනන පද්ධති (සෝලා) වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (25) පස්වරුවේ පැවසීය. 25 October 2022
තිරිඟු පිටිවල ප්‍රමිතිය බලන්න බලය නෑ ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අවස්ථාවේදී හෝ වෙළෙඳපොලේ අළෙවි කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට නෛතික බලය නොමැති බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 25 October 2022
ඕස්ට්‍රේලියාවට කඩුලු 7 ක ජයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 7 ක පහසු ජයක් ලබාගත්තේය. 25 October 2022
ගුරුවරියක ක්ලබ් ගෙනිහින් මත්කර අතවර කරලා කොළඹට තදාසන්න ප්‍රදේශයේ පාසලක තරුණ ගුරුවරියක සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිටියදී ඇය මත්කර ලිංගික අතවර කළැයි කියන සිද්ධියකට අදාළව එම පාසලේම ගුරුවරයකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කුරුදුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතාට අද (25) කරුණු වාර්තා කළේය. 25 October 2022
ඕස්ට්‍රේලියානු යුද නෞකා දෙකක් කොළඹ වරායට රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා ද්විත්වය අද (25) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව කියයි. 25 October 2022
ඕස්ට්‍රේලියාවට ලකුණු 158 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී කඩුලු 6 ක් දැවී ලකුණු 157 ක් ලබාගත්තේය. චරිත් අසලංක (නොදැවී 38) සහ පැතුම් නිස්සංක (40) වැඩි ලකුණු ලබාගත්හ. 25 October 2022
ත්‍රිෙරා්ද රථය නුවරඑළියේදී ගිනි අරගෙන එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් (25) දින පස්වරුවේ ගිනිගෙන ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය. 25 October 2022
බදු නිවේදන පහකට මුදල් කාරක සභාවේ අනුමැතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බදු හා සම්බන්ධ ගැසට් නිවේදන පහකට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය. 25 October 2022
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියේ රහස්‍යතා වගන්තිය ඉවත් කිරීම සදඟා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා කොළඹදී අද (25) පැවසීය. 25 October 2022
වෙළෙඳපොළේ ඇති පාන් පිටි පරිභෝජනයට නුසුදුසුයි වෙළෙඳපොළේ ඇති තිරිඟු පිටි පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා කොළඹ දී අද (25) පැවසීය. 25 October 2022
වරායට තවත් සභාපතිවරයෙක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර්නාඩ් මහතා පත්කර තිබේ. 25 October 2022
අන්තරේ භික්ෂු කැඳවුම්කරු සිරිධම්ම හිමි ජාතික රෝහලට ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හදිසියේම රෝගාතුරවීම හේතුවෙන් අද (25) පස්වරුවේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. 25 October 2022
ඉන්ධනවලට දාන පෙත්තකට අවසර දී නෑ පෙට්රල්වල ඔක්ටේන් අගය වැඩි කිරීමට සහ ඉන්ධනවල ගෙන්දම් ප්‍රමාණය අඩු කිරීමට පෙති වර්ගයක් ඉන්ධන සමඟ කලවම් කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කිසිඳු ආයතනයකට උපදෙස් හෝ අනුමැතිය දී නොමැති බවත් එක්තරා සමාගමක් ‘ඉකෝ ටැබ්ලට්’ නැමැති ඉන්ධනවලට යොදෙන පෙත්තක් ප්‍රවර්ධනය කරමින් ජනතාව නොමඟ යැවීමේ කූට ව්‍යාපාරයක් දියත් කරමින් සිටින බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 25 October 2022
සම්පා ඕස්ට්‍රේලියානු පිලෙන් ඉවතට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තේය. මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වී සිටින ඕස්ට්‍රේලියානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා අද තරගය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙන් ඉවත් කර තිබේ. 25 October 2022
හෂාන් කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ධූරයෙන් අස්වෙයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයෙක් වන හෂාන් තිලකරත්න මහතා පුහුණුකරු තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. 25 October 2022
ඇඩම් සම්පාට කොරෝනා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (25 වැනිදා) පැවැත්වීමට නියමිතය. 25 October 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026