(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් අමාත්‍යවරුන් ඔවුන් යටතේ ඇති ආයතනවල වගකීම් රාජ්‍ය ඇමතිවරුන්ට නොපැවරීමෙන්, රාජ්‍ය ඇමැතිවරුන් වැඩි දෙනකු කලකිරීමට පත්ව සිටින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් ඇමතිවරුන්ට අමාත්‍යාංශ දෙක තුන මෙන්ම ආයතන දහය පහළොව තිබුණද, ඒවායෙන් සුළු ආයතනයක් හෝ දෙකක් හැරෙන්නට රාජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරා නැති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ.
මේ හේතුවෙන් තමන්ට අමාත්‍යාංශවලට ගොස් නිකරුණේ රස්තියාදු වීමට සිදුව ඇති බව රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක්ම සඳහන් කළහ.
අමාත්‍යාංශවල වගකීම් නොපැවරීම හේතුවෙන්,ඇතැම් කැබිනට් ඇමතිවරුන් හා රාජ්‍ය ඇමැතිවරුන් අතර මත ගැටුම් ද නිර්මාණය වී ඇතැයි දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්නා කියලත් හරියට වැඩක් කරන අය නෙවෙයි නේ?
මෙතන වෙලාතියෙන්නෙ වැඩ නොදෙන එක නෙමෙයි ,මහ එකා තනියෙන් කන එක , මුන් හරියට රටට ආදරෙන් වැඩ කලා නම් මෙහෙම රට බංකොලොත් වෙයිද. මුන්ට මාටිය ගහන්න බෑ අරු ගහනව දිගට හරහට , ඒකයි මෙතන වෙලා තියෙන්නෙ
ඒකට ඉතින් රාජ්‍ය ඇමැතිලා පත්කිරීම කරන කෙනා සම්පූර්ණයෙන්ම වගකිවයුතුයි. ඇමැතියෝ පත්කිරීම සමග වගකීම් හා රාජකාරි ලැයිස්තුවක් නොදීම තමයි වරද වෙන්නේ... රාජකාරි නැතුව තනතුරු දීමෙන් ජනතා මුදල් නාස්තියක් වෙනවා නේද? අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචනය කරන විට ජනාධිපති ඕවා ගැන සොයන්නේ නැද්ද?
මේ එකෙක් වත් ඕනෑම නෑ .රට වනසන පින් පඩි කාරයෝ
මේ කාලකන්නි ආණ්ඩුව නිසා රටම කලකිරිලා
කළකිරිලා තියෙන්නේ වෙන මොකටවත් නෙවෙයි ,ඉස්සර වගේ හොරාකන්ඩ විදියක් නැති හින්දා ? දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ
රස්සා නැතුව කොයි තරම් කොල්ලො, කෙල්ලො ගෙවල් වලට ඉන්නවාද? තොපිත් ගෙවල් වල හිටපල්ලකො.