(සනත් ගමගේ)
හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් ශල්‍ය වෛද්‍ය සේවා හා ළමා රෝග ඒකක ඉදිරි සතියේ නවතින තත්ත්වයට පත් වි ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
හම්බන්තොට මහ රෝහලේ ශල්‍යකර්ම සිදු කිරිමේ කටයුතු සිදුකළ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයකු පසුගිය සතියේ වසර 20 ක සේවා කාලය නිමකර සේවයෙන් ඉවත් ගොස් ඇත.
දැනට රෝහලේ සිටින එකම ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගේ ද සේවා කාලය වසර 55 සම්පූර්ණවීම නිසා විශ්‍රාම ගැන්වීම ඉදිරි සතියෙදී සිදුවීමට නියමිතව ඇත.
එසේ සිදුවන විට මහ රෝහලේ හදිසි සැත්කම් සියල්ල නැවතීමට සිදුවේ.
දැනටමත් එක් ශල්‍ය වෛද්‍යවරයකුගෙන් පමණක් අවශ්‍ය සේවය ජනතාවට ඉටුකරමින් පවතින අතර දෙදෙනාම අහිමි වීමෙන් සියළුම සැත්කම් කටයුුතු කිරීමට මාතර, කරාපිටිය රෝහල් කරා රෝගීන් මාරුකර යැවීමට සිදුවනු ඇත.
එමෙන්ම ළමා රෝග ඒකකයේ සිටි විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාගෙන් එක් අයකු මේ වනවිට සේවයෙන් ඉවත්ව ගොස් ඇති අතර ඉතිරි වෛද්‍යවරුන් දෙදෙනාගෙන්ද එක් අයකු ද විදේශ ගතවීමට නියමිතව ඇත.
මේ සම්බන්දයෙන් හම්බන්තොට මහ රෝහලේ වෛද්‍ය අධිකාරී සුරංඟ උබේසිංහ මහතාගෙන් කළ විමසීමක දි ඒ මහතා කියා සිටියේය.
ශල්‍ය හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින අර්බූදකාරි තත්ත්වය සම්බන්දව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරින් දැනුම්වත් කළා.
ඉදිරි සති කිහිපයේදී කිසියම් විසඳුමක් ලැබීමට බොහෝ විට ඉඩකඩ තිබෙනවා.
එසේ සිදුනොවුන හොත් ශල්‍යකර්ම සඳහා රෝගින් මාතර, කරාපිටිය රෝහල් කරා යොමු කිරිමට සිදුවෙනවා. මින් ජනතාවට යම් අපහසුතාවයක් විදින්නවන බව මා පිළිගන්නවා.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හම්බන්තොට ළමා රෝග ඒකකය ලෙඩ වෙලා
Cha Sunday, 21 May 2023 11:59 AM
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාමේ වයම 65 කළ යුතුයි
සාර්කැස්ටික් Sunday, 21 May 2023 03:21 PM
එයාලාගෙ බේබිලා නම් ඉතින් සිංගප්පූරුවේ ගිහින් බේත් ගනී.
අප්‍රසන්න රණතුංග Monday, 22 May 2023 08:13 AM
මමත් තව දින ගණනාවකින් පස්සේ විදෙශගත වෙන්නයි ඉන්නේ. මෙයට කඩිනම් විසඳුමක් අවශ්‍යමයි...!