IMG-LOGO

ෂාෆ්ටර්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ  දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මළ සිරුර තැන්පත් කරන තිබෙන බොරැල්ල සුසාන භූමියේ එම වල  ආසන්නයට ගිනි අවි සහිත  පොලිස් ආරක්ෂාව යෙදවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය .

බොරැල්ල පොලිසියේ නිලධාරීන් සිව්  දෙනකු ඒ සඳහා යොදවා ඇත.

ෂාෆ්ටර් මහතාගේ මරණයට  හේතුව සෙවීම සඳහා ඔහුගේ දේහය ගොඩ ගැනීමට  අවශ්‍යව ඇතැයි ඒ වෙනුවෙන් පත් කළ පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් ඉකුත් 18 වැනිදින ලිඛිතව ඉල්ලීමක් කළේය.

මරණයට අදාළව හේතුව නිර්ණය කිරීම සඳහා මරණකරුගේ  දේහය ගොඩගෙන පරීක්ෂාවට ලක් කළ යුතුව ඇති බැවින් ඒ සඳහා අවසර ලබාදෙන ලෙස  පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය මහේස්ත්‍රාත් රජින්දා  ජයසූරිය මහත්මියගෙන්  ඉල්ලා තිබිණි.

දිනේෂ් ෂාෆ්ටර්  මහතා ගේ මරණය සීය දිවි හානිකර ගැනීමක් ද ? ඝාතනයක්ද? යන්න තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලයක් පත්කිරීමට  විශේෂඥ වෛද්‍යවරුන්ගේ නාම ලේඛනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාට ඉකුත් පෙබරවාරි 17  නියෝග නිකුත් කළේය.

ඒ අනුව ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක දිනේෂ් ෂාෆ්ටර්  මහතාගේ දේහය එළඹෙන බ්‍රහස්පතින්දා 25 ගොඩගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප ළහිරු හර්ෂණ



අදහස් (1)

ෂාෆ්ටර්ගේ සොහොනට පොලිස් ආරක්ෂාව

Bunny Preena Monday, 22 May 2023 09:20 AM

පොලිස් නිලදාරීන් ‌දෙදෙනා රාත්‍රියෙ මලවුන් සමග මොනවාගේ අත්දැකීමක් ලබන්ට ඇතිද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 396 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 959 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1343 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site