(සුමිත් පොතුපිටිය )
මැණික් ව්‍යාපාරිකයෙකු ලෙස පෙනී සිටිමින් අගරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචාකිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී විදෙස් ගමන් තහනම් නියෝග හතරක් තිබියදී රටින් පැනගිය පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය සමත්ව ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල ප්‍රදේශයේ පදිංචි 37 හැව්රිදි මැණික් ව්‍යාපාරිකයෙකු බව පොලිසිය කීය.
සැකකරුට එරෙහිව මුදල් වංචා කිරීම් සම්බන්දයෙන් විභාගවන නඩු හතරක් වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙතින් විදෙස් ගමන් තහනම් නියෝග හතරක් ලබාගෙන තිබී ඇතැයිද උසස් පොලිස් නිළධාරීයෙක් කීය.
සැකකරු රටින් පලාගොස් සිටි බවට පොලිසිය තහවුරු කරගෙන සිටී නමුත් කළුතර අධ්කරණයේ විභාගවන නඩුවකට නීතිඥයකු මාර්ගයෙන් ඉදිරිපත් සිට ඇත.
අධිකරණ භූමියේදී සැකකරු හදුනාගෙන පසුව කල විමර්ශන වලින් පසු, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. රාජපක්ෂ මහතා ගේ උපදෙස් පරිදි කාන්තා උප පොලිස් පරීක්ෂක රුබේරු මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.
සැකකරු ඩුබායි රාජ්‍යයට පලාගොස් සිට ඉකුත් 15 දා දිවයිනට පැමිණ ඇති බවට හෙලිව ඇති බවත් , විදෙස් ගමන් තහනම් හතරක් පනවා තිබියදී රටින් පලාගියේ කෙසේද යන්න සම්බන්දයෙන් වෙනම විමර්ශනයක් සිදුකරන බවත් පොලිසිය කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අගරු චෙක් දී මුදල් වංචා කළ අයෙක් දැලේ