(සුජිත් හේවාජුලිගේ )
අලුතින් පත් කිරීමට නියමිත ආණ්ඩුකාර ධූර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්ද නම් තුනක් යෝජනා කර ඇතැයි වාර්තා වේ.
මීට අමතරව දැනට සිටින ආණ්ඩුකාරවරුන් කිහිප දෙනකු වෙනස් නොකරන ලෙසටද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලංකාදීපට පැවසීය.
වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා හැටියට පසුගියදා පත්කෙරුණු ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යෝජනා කළ එක් නාමයක් බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ආණ්ඩුකාර තනතුරු කිහිපයක් වෙනස් නොකරන ලෙස ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ජනාධිපතිවරයා සුබවාදී ප්‍රතිචාර දක්වා ඇතැයිද එය සතුටට කරුණක් යැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
වයඹ උතුර සහ නැගෙනහිර පළාත්වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී පසුගිය 17 වැනිදා දිවුරුම් දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවෝ ඉදිරියේ රූකඩයක් නොවී කියන්නේ පාර්ලිමේන්තුව කියලා.එතකොට ඔය ඉල්ලීම් සේරම ඉවරයි .රට හිඟන්නෝ කරලා තව තනතුරුත් ඉල්ලනවා
ඕවා උබලා උබලා විසදාගනිල්ලා. පත්තරේ දාන්න තරම් දේවල් නෙමේ ඕවා. අවසානයේ 70 පැනපු තරුණ අය පත් කරයි.
ජනාධිපති තුමාගේ අදහසට ඉඩ දී බලමි
එන පොට හොඳ නෑ
අනුරාධා යහම්පත් නැගෙනහිර පළාත විශාල සේවයක් කළා.. මඩකලපුවේ තියෙන එකම සිංහල පාසල ආරම්භ කළේ එතුමිය. මෙතුවක් කල් මඩකලපුවේ සිංහල ළමයි පාසල් ගියේ දෙමළ පාසල්වල.. එතුමිය නැවත ලැබෙනවා නම් ඒක විශාල පිනක්...!