(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ලීසිං වාරික නොගෙවූ යතුරු පැදියක් අත්පත් කරගත් පුද්ගලයන් දෙදෙනකු එය පදවාගෙන ආ 15 හැවිරිදි දරුවාද සමග පැහැරගෙන ගොස් පැය කිහිපයකට පසු දරුවා යළි ගෙනැවිත් දමන අවස්ථාවේදී ගම්වාසීන්ගේ ප්‍රහාරයකට ලක්වූ දෙදෙනකු මුදාගෙන බරපතල තත්වයේ සිටි එක් අයකු රෝහල්ගත කළ බව මීරිගම පොලිසිය කියයි.
මීරිගම මුගුරුගම්පල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවා ඔහුගේ පියාගේ යතුරු පැදියෙන් කිසියම් අවශ්‍යතාවයකට කඩයක් අසලට පැමිණ සිටියදී ත්‍රීරෝද රියකින් පැමිණ දෙදෙනකු දරුවාගෙන් යතුරු පැදිය ලබාගෙන දරුවාද ත්‍රීරෝද රියට නංවාගෙන නිට්ටඹුව බලා ගොස් ඇත.
මේ අතර තම දරුවා ආගිය අතක් නැති බවට මාපියන් පොලිසිය දැනුවත් කරනු ලැබ ඇති අතර ගම්වාසීන්ද දරුවා සෙවීමේ සහය දී ඇත
මේ අතර පැය කිහිපයකට පසු ත්‍රීරෝද රියකින් පැමිණි දෙදෙනකු දරුවා බස්සවා යාමට උත්සාහ කරද්දී ඔවුන් අල්ලා ගැනීමට ගම්වාසීන් සමත්වී ඇත.
ඒ අවස්ථාවේදී ත්‍රිරෝද රියට ද දැඩි ලෙස හානි සිදු කර ඇත.
සිද්ධිය සැලවූ වහාම මීරිගම පොලිසියේ නිලධාරි පිරිසක් එහි ගොස් ගම්වාසීන්ගේ ග්‍රහණයට ලක්ව සිටි දෙදෙනා බේරාගෙන අත්අඩංගුවට ගෙන එක් අයකු මීරිගම රෝහලට ඇතුලත් කිරීමට පියවර ගනු ලැබීය.
රෝහල් ගත කරනු ලැබූ පුද්ගලයා දරුවා ආපසු ගෙන එන අවස්ථාවේ කුලී පදනම මත ත්‍රීරෝද රිය රැගෙන ආ අයකු බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දරුවකු පැහැර ගත් අයට ගම්මු පහර දෙති
Sunii Sunday, 21 May 2023 12:20 PM
සීසර්ලට හොඳ පාඩම්
Upul Monday, 22 May 2023 06:48 AM
පොලිසිය සීසර්ලාගේ හොඳ යාළුවෝ වගේ හැසිරිලා වගේ
බකසුමන Monday, 22 May 2023 08:08 AM
ලීසිං කාරයෝ නිකන් සත්තු වගේ කිසිම අනුකම්පාවක් නෑ. මිනිස්සුන්ගේ ලේ, මාංශ උරාබොනවා. මොවුන් මොකටද මේ ළමයා උස්සන් ගියේ...? ළමයත් ලීසිං කරලද අරන් තියෙන්නේ...?