
( පුෂ්පකුමාර ජයරත්න)
විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 81 ක පමණ මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (20) නිකවැරටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර කාන්තාව හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ඇය ඊශ්‍රායලය හා කටාර් යන රටවල රැකියා ලබා දෙන බව පවසමින් මෙම වංචාව සිදු කර ඇති බව කියයි.
විදෙස් රැකියා බලාපොරොත්තුව ඇයට මුදල් ලබා දුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 25කට ආසන්න පිරිසක් ඇයට එරෙහිව විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර ඇත. එම පැමිණිලි අනුව විමර්ශන සිදු කර අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අද දිනයේ හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd