
(ජේ.කේ.එල්. චාමින්ද)
සමුපාකාර තොග වෙළද සංස්ථාවට අයත් හිගුරක්ගොඩ හා පන්නේගමුව සහල් සැකසිමේ සංකිරණවලන් 2021 වර්ෂයේ දි කිසිදු සහල් නිෂ්පාදනයක් සිදු කර නැතත් සේවක වැටුප්, අතිකාල දිමනා ඇතුළු සේවක පිරිවැය සදහා රුපියල් 1,39,02442 වියදමක් දරා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙම සහල් සංකිර්ණ දෙකෙන් පැයකට සහල් කිලෝ 2000ක් බැගින් සැකසිමේ හැකියාවක් පවතී. කිසිදු සහල් නිෂ්පාදනයක් සිදුනොකළද 2021 වර්ෂයේ සේවකයන් 03 සිට 20 දක්වා සේවක සංඛ්‍යාවක් යොදවා තිබුණි.
මෙම සහල් සැකසිමේ සංකිරණ දෙකට අනුබද්ධ ගබඩා 04ක් වැඩකට නොගෙන පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.
සංස්ථාවේ දේපල ආදායම් ඉපයිම සදහා කාර්යක්ෂමව යොදාගත යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
සංස්ථාවේ කළමණාකාරිත්වය විගණනයට සදහන් කොට ඇත්තේ 2021 වර්ෂයේ වි අලෙවි මණ්ඩලය සතු වි තොග සිමාසහිත වු අතර එම වි තොග සතොස හා පුද්ගලික අංශය වෙත එකවර නිකුත් කිරිමට කටයුතු කරඇති බවය.
එම කාලයේ සතොස වෙත ලබාගත හැකිව තිබු සිමිත වි තොග ප්‍රමාණය පමණක් ඇඹරිම සිදුකළ බවය.
ගොවින්ගේ ප්‍රධාන වශයෙන් තෙත සහිත වි නිෂ්පාදන වන බැවින් එම වි තොග මිලදි ගෙන ඇඹරිම සදහා මාස කිහිපයක් ගබඩාගතව පවත්වා ගැනිමට අවශ්‍ය වී වියලිමේ පහසුකම සතොස සතුව නොමැති බවද කළමණාකාරිත්වය විගණනයට සදහන් කොට ඇත.
මෙකි සහල් සැකසිමේ සංකිර්ණයට අනුයුක්ත සේවකයින් සහල් සැකසිමේ කටයුතු සදහා පුහුණු සේවකයන් බැවින් ඔවුන් වෙනත් කාර්යකට යෙදවිමට නොහැකි බවත් ගබඩා නිෂ්කාර්යව පැවතියත් එකි ගබඩා නඩත්තු සහල් සැකසිමේ යන්ත්‍ර පවිත්‍රකිරිම, භුමිය ආරක්ෂා කිරිමේ කටයුතු සදහා එම සේවකයන් යොදාගනු ලබන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට වියළන යන්ත්‍ර තිබේ. අපට ඔවුන්ගේ වී වියළා ගත හැකි අතර CWT ගෙවිය යුත්තේ කුලී ගාස්තුව පමණි. කිලෝවකට ඉතා කුඩා ප්‍රමාණයක් වන අතර අනෙකුත් යන්ත්‍ර එහි නඩත්තු කිරීමට අපට හැකි වේ. කරුණාකර මේ බව Charmin CWE 077 2952798 K.Wijesuriya MD Wijesuriya marketing වෙත දන්වන්න .බොරලැස්ගමුව .
මහජන බදු පින්පඩි ගෙවීම සඳහා යොදාගෙන තිබීම. මේ තමා ලංකාවට මුහුණ දීමට සිදුව ඇති විනාශය....
විගණන කාර්යාලය වෙතටයි, සියලුම දේශපාලකයින් කෝටි ගණනින් වැටුප් සහ වරප්‍රසාද භුක්ති වින්දද ඔවුන්ගෙන් ප්රාමාණිකව එතරම් සේවයක් රටට වුණාදැයි සොයා බලන්න...
ඕක මොකක්ද රටට වැඩක් නැති 225 කට අපි පඩි ගෙවන්නේ...