(අංජුල මහික වීරරත්න)
විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා ආයෝජන සැකසුම් කලාප ඇතුලත පමණක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
විදෙස් ආයෝජකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගන්නා එක් පියවරක් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණයට එළැඹ තිබේ.
කටාන හල්පේ කෝපියාවත්ත ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක හිමිකරුවකු වන ඕමාන් ජාතිකයකුට පහරදීම වැනි සිද්ධි නැවත ඇති නොවීම පිණිස රජය මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව රටේ ස්ථාන කිහිපයක අලුතින් ආයෝජන සැකසුම් කලාප කිහිපයක් පිහිටුවීමට නියමිත අතර මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මෙවැනි ආයෝජන කලාප කිහිපයක් පිහිටුවීම සඳහා දැනටමත් ස්ථානීය පරීක්ෂණ කටයුතු සිදු කර ඇති බව රජය පවසයි.
විදෙස් ආයෝජන කර්මාන්ත ශාලා මෙරටට පැමිණි මුල් සමයේ දී ආයෝජන සැකසුම් කලාප වල පමණක් ඒවා ස්ථාපිත කෙරුණු නමුත් රණසිංහ ප්‍රේමදාස පාලන සමයේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ එම කම්හල් පිටස්තර ස්ථානවලත් ස්ථාපිත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිසරදයට කොට්ට මාරු කරනවා වගේ...
අනෙකුත් දෙශීය ආයෝජකයින් ඔටුවොද? රටේ නීතිය, සාමය, හා ආරක්ෂාව ස්ථාපිත කිරීමයි කළයුත්තේ...
එතකොට ඒ මජර නියෝජ්‍ය ඇමතියා කලදේ හරි. ප්‍රශ්නය එතනින් නිමාවට පත්කලා....ඌට දඬුවම් නෑ...
විදේශ ආයෝජකයින් සඳහා ආරක්ෂාවක් දිය යුතු එකම රට ලංකාවයි. මෙහෙම රටකට පිට රටින් ආයෝජකයෝ එයිද?