(නිමල කොඩිතුවක්කු)


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉලක්ක ගත දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක  කිරීමට සමගි ජන බලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කළේය.

ව්‍යාපාරිකයන් දේශපාලනඥයන්ගේ වහලුන් නොවිය යුතු බවත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් එක නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලකයන්ගේ වහලුන් බවට ව්‍යාපාරිකයන් පත් නොකොට ඔව්න්ගේ  ප්‍රශ්නවලට උත්තර ලැබෙන ක්‍රමවේදයක් රට තුළ ඇති කිරීම සිදුවිය යුතු බවත් කොළඹ විපක්ෂ නායක කාර්‍යාලයේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හමු වූ අවස්ථාවේ දී ඔහු පැවසීය.

ධන කුවේරයන්ගේ ණය කපා දැමීමට රජය  පසුගිය කාලයේ ක්‍රියා කළත්  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ණය අය කර ගැනීමට දරුණු ක්‍රමවේද භාවිත කිරීම තරයේ හෙළා දකින බවත් ඔහු සඳහන් කළේය.