(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
නිවසේ සුරතලයට ඇති කළ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බලු පැටියෙකු සොරකම් කළ පුද්ගලයකු අද (21) අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
එම බලු පැටවා රුපියල් පනස්දහසක ආසන්න වටිනාකමකින් යුත් යැයි පැමිණිල්ලේ සඳහන්ය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 27 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පුද්ගලයකු සිය නිවසේ ඇති කරන බලුපැටියා සොරකම් කර ඇති බවට කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරිමේදී මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ නිවසකට රුපියල් 15,000 ක මුදලක අලෙවි කර තිබියදී සත්වයා සොයාගත් බව පොලිසිය කීය.
සැකකරු තවත් පුද්ගලයකු සමග බලුපැටියා සොරකම් කර ඇති බවත් , ඔහු වෙනත් නඩුවක් සම්බන්දයෙන් මේ වනවිට බන්ධනාගාර ගතව ඇති බවත් පොලිසිය කීය.
සැකකරුවන් බලුපැටියා අලෙවි කර ලබාගත් මුදලින් මත්කුඩු පානය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද සදහන්වේ. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බලු පැටවා සොරකම් කළ කුඩ්ඩාට වැඩ වරදී