(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
නිවසේ සුරතලයට ඇති කළ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ බලු පැටියෙකු සොරකම් කළ පුද්ගලයකු අද (21) අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
එම බලු පැටවා රුපියල් පනස්දහසක ආසන්න වටිනාකමකින් යුත් යැයි පැමිණිල්ලේ සඳහන්ය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 27 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පුද්ගලයකු සිය නිවසේ ඇති කරන බලුපැටියා සොරකම් කර ඇති බවට කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරිමේදී මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ නිවසකට රුපියල් 15,000 ක මුදලක අලෙවි කර තිබියදී සත්වයා සොයාගත් බව පොලිසිය කීය.
සැකකරු තවත් පුද්ගලයකු සමග බලුපැටියා සොරකම් කර ඇති බවත් , ඔහු වෙනත් නඩුවක් සම්බන්දයෙන් මේ වනවිට බන්ධනාගාර ගතව ඇති බවත් පොලිසිය කීය.
සැකකරුවන් බලුපැටියා අලෙවි කර ලබාගත් මුදලින් මත්කුඩු පානය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද සදහන්වේ. සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd