යුක්රේන අර්බුදය විසඳීම සඳහා කළ හැකි සෑම දෙයක්ම ඉන්දියාව සිදු කරන බව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජී7 සමුළුවේදී යුක්රේන ජනාධිපති වෙත ප්‍රතිඥාවක් ලබා දී ඇත.
ජනාධිපති සෙලෙන්ස්කිගේ සහ යුක්රේන ජනතාවගේ වේදනාවන් තමන් හොඳින් දන්නා බව ජී7 සමුළුවට සමගාමීව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සමඟ පැවති හමුවකදී මෝදි පවසා තිබේ.
තමන් පුද්ගලිකවත් ඉන්දියාව රාජ්‍යයක් ලෙසත් යුක්රේන අර්බුදය විසඳීම සඳහා කළ හැකි සෑම දෙයක්ම සිදු කරන බව එම හමුවේදී මෝදි ප්‍රකාශ කර ඇත.
ජනාධිපති සෙලෙන්ස්කි තම ටෙලිග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් යුක්රේනයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට ඉන්දියාව ලබා දෙන සහාය පිළිබඳ ස්තුතිවන්ත වී තිබේ.
එසේම ඉන්දියාව යුක්රේනයට ලබා දෙන මානුෂීය ආධාර පිළිබඳවද ස්තුතිය පළ කර ඇති සෙලෙන්ස්කි යුක්රේනයේ සාම සැලැස්මට සම්බන්ධවන ලෙසද ඉන්දියාවට ආරාධනා කර ඇත.
(034)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මෝදි, සෙලෙන්ස්කිට ප්‍රතිඥාවක් දෙයි