(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මත්ද්‍රව්‍ය පාවිච්චි කර පෞද්ගලික බස්රථ පැදවු රියදුරන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල පිටකොටුව , කඩුවෙල කොටුව සහ කොහිලවත්ත පුරහල අතර ධාවනය වන බස් රථ වල රියදුරන් තිදෙනෙකි.
බොහෝ රියදුරන් මත් ගතියෙන් බස්රථ ධාවනය කරන බවට වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතා ට ලද තොරතුරකට අනුව මෙම හදිසි වැටලීම් වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් ලැබූ බස් රථවල විශාල මගින් ප්‍රමාණයක් ගමන් ගත් බව පොලිසිය කියයි.
එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගතවී ඇත්දැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ලබාගත් රුධිර සාම්පල වලින් ඒ බව තහවුරු වූ බව පොලීසිය කියයි.
එම සැකකාර රියදුරන්ට බස්රථ ලබාදුන් හිමිකරුවන් පොලිසියට ගෙන්වා බස් රථයක් ලබා දීමේදී රියදුරා සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකර බස් රථ ධාවනයට ලබා දී මගීන් ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඔහුට ද දැඩි වගකීමක් තිබෙන බවට අවවාද කරමින් බස් රථ ලබා දීමට පියවර ගත් බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
සැකකාර රියදුරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ජනතාව ගමන් කරන පොදු ප්‍රවාහන සේවා ගැන මේ පොලිස් නිලධාරී මහත්වරුන් හදිසියේ ගත් මේ ක්‍රියාමාර්ගය සම්බන්ධව ඔවුන්ට ප්‍රශංසා කරමු.මේ අයුරින් මත්ද්‍රව්‍ය භාවිතා කරන රියැදුරන් තව තවත් අත්අඩංගුවට ගන්නා ලෙස රට වෙනුවෙන් ඉල්ලා සිටිමු. එසේම,මත්ද්‍රව්‍ය භාවිතා කරන රියැදුරන් සේවයේ යෙදවීම සිදුකල හොත්,බස්රථ හිමියන්ටද කිසියම් දඬුවමක් ලබා දීමට කටයුතු කිරීමත් සිදුකළ යුතුය.
මෙවැනි වරදකරුවන්ට දිවි ඇතිතෙක් වාහන පැදවීම තහනම් කල යුතුය.
මේ වගේ කාලකන්නි රියදුරන් හින්දා අන්තිමට ජීවිතෙන් වන්දී ගෙවන්ඩ වෙන්නේ මගීන්ට .ලංකාවේ තරම් රිය අනතුරු සිද්ද වෙන රටක් ලෝකෙම නැතුව ඇති .