(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මත්ද්‍රව්‍ය පාවිච්චි කර පෞද්ගලික බස්රථ පැදවු රියදුරන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හංවැල්ල පිටකොටුව , කඩුවෙල කොටුව සහ කොහිලවත්ත පුරහල අතර ධාවනය වන බස් රථ වල රියදුරන් තිදෙනෙකි.
බොහෝ රියදුරන් මත් ගතියෙන් බස්රථ ධාවනය කරන බවට වැල්ලම්පිටිය පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික නිලන්ත මහතා ට ලද තොරතුරකට අනුව මෙම හදිසි වැටලීම් වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් ලැබූ බස් රථවල විශාල මගින් ප්‍රමාණයක් ගමන් ගත් බව පොලිසිය කියයි.
එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගතවී ඇත්දැයි පරික්ෂා කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර ලබාගත් රුධිර සාම්පල වලින් ඒ බව තහවුරු වූ බව පොලීසිය කියයි.
එම සැකකාර රියදුරන්ට බස්රථ ලබාදුන් හිමිකරුවන් පොලිසියට ගෙන්වා බස් රථයක් ලබා දීමේදී රියදුරා සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකර බස් රථ ධාවනයට ලබා දී මගීන් ගේ ජීවිත ආරක්ෂා කිරීමට ඔහුට ද දැඩි වගකීමක් තිබෙන බවට අවවාද කරමින් බස් රථ ලබා දීමට පියවර ගත් බව පොලිස් නිළධාරියෙකු පැවසීය.
සැකකාර රියදුරන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සූර් වී බස් පැදවු තිදෙනා පොලිස් දැලේ
Samitha S. Aluthgamage Sunday, 21 May 2023 04:40 PM
රටේ ජනතාව ගමන් කරන පොදු ප්‍රවාහන සේවා ගැන මේ පොලිස් නිලධාරී මහත්වරුන් හදිසියේ ගත් මේ ක්‍රියාමාර්ගය සම්බන්ධව ඔවුන්ට ප්‍රශංසා කරමු.මේ අයුරින් මත්ද්‍රව්‍ය භාවිතා කරන රියැදුරන් තව තවත් අත්අඩංගුවට ගන්නා ලෙස රට වෙනුවෙන් ඉල්ලා සිටිමු. එසේම,මත්ද්‍රව්‍ය භාවිතා කරන රියැදුරන් සේවයේ යෙදවීම සිදුකල හොත්,බස්රථ හිමියන්ටද කිසියම් දඬුවමක් ලබා දීමට කටයුතු කිරීමත් සිදුකළ යුතුය.
පැරකුම් Sunday, 21 May 2023 04:43 PM
මෙවැනි වරදකරුවන්ට දිවි ඇතිතෙක් වාහන පැදවීම තහනම් කල යුතුය.
විපරමා Sunday, 21 May 2023 06:21 PM
මේ වගේ කාලකන්නි රියදුරන් හින්දා අන්තිමට ජීවිතෙන් වන්දී ගෙවන්ඩ වෙන්නේ මගීන්ට .ලංකාවේ තරම් රිය අනතුරු සිද්ද වෙන රටක් ලෝකෙම නැතුව ඇති .