පූජාව අස්සේ රන්මාල කඩාගෙන නුවරඑළිය පූඩලු ඔය පහල වීදියේ පිහිටි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ පූජාවකට පැමිණ සිටි කාන්තාවන් තිදෙනකු ගෙල පැළඳ සිටි රන් මාල හතරක් කඩා ගත්තේ යැයි කියන ඉන්දීය ජාතික කාන්තාවක් ඇතුළු කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පූඩළුඔය පොලීසිය පවසයි. 25 March 2023
වැඩවර්ජනයක් ආවොත් ටග් යාත්‍රා සීරුවෙන් නැවත වැඩ වර්ජනයක් ඇති වුවහොත් වරාය අධිකාරියේ ටග් යාත්‍රා සහ කුඩා යාත්‍රා සේවය බිඳ වැටීමට ඉඩ නොතබන බව ටග් යාත්‍රා හා කුඩා යාත්‍රා නියමුවන් (Pilot) ගේ සංගමය රජයට පොරොන්දු වී තිබේ. 25 March 2023
පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි පොහොර ලබාදීමේ වැඩපිළිවෙලට ලබන වසරේ සිට රජය මැදිහත් නොවී කරගෙන යා හැකි සැලසුමක් සකස් කරන ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්ට හා ගොවිජන් සේවා කොමසාරිස්ට උපදෙස් දී තිබේ. 25 March 2023
සකර්බර්ග්ට තවත් පුංචි මැණිකක් ෆේස්බුක් සම නිර්මාතෘ මෙන්ම, ’මෙටා’ ජාලයේ ප්‍රධානියා ද වන මාර්ක් සකර්බබර්ග්, අලුත උපන් සිය තෙවැනි දියණියගේ ඡායාරූප ඉන්ස්ට්‍රගෑම් ගිණුම ඔස්සේ ලොවට ප්‍රසිද්ධ කළේ මහත් ආඩම්බරයෙනි. 25 March 2023
ආදරයෙන් පැරදි සරසවි සිසුවා කළ කැත වැඩේ සරසවි පෙම්වතිය පෙමට පිටු පෑවැයි උරණව ඇයගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝවක් ඇගේ මවට සහෝදරියන් සහ සහෝදරයන් ගේ ජංගම දුරකථනවලට වට්ස්ඇප් මගින් යැවූ බව කියන සරසවි සිසුවෙක් පොලිස් ලමා හා කාන්තා කාර්යංශය පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 24 March 2023
අයි.එම්.එෆ්. ණය ගැන ජනතාව අවදියෙන් ඉන්න රට බංකොළොත් පිරිසට නැවත රට ගොඩනැගිය හැකිදැයි ගැටලුවක් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයි.එම්.එෆ්.) රට බංකොළොත් පිරිසටම ණය දී ඇති නිසා ජනතාව අවදියෙන් සිටිය යුතු බවත් කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා අද (24) පැවසීය. 24 March 2023
බලශක්ති ආයෝජන ගැන ඉන්දියාව සමඟ සාකච්ඡා එල්.එන්.ජී. යටිතල පහසුකම් සංවර්ධනය සහ සැපයුම ඇතුළු බලශක්ති ක්ෂේත්රය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ ඉන්දීය බලශක්ති ක්ෂේත්රයේ ප්‍රධානීන් කණ්ඩායමක් අතර අද (24) පැවැත්විණි. 24 March 2023
’’සාලිය පීරීස්ට ආරක්ෂාව දෙන්න’’ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරීස් මහතාගේ ජිවීතයට එල්ල වී ඇති තර්ජන හේතූවෙන් ඒ මහතාට නිසි ආරක්ෂාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත. 24 March 2023
වාහන ආනයනයට පහසුකම් ඉල්ලයි රට තුල ඩොලර් සංචිත යම් ප්‍රමාණයකින් ඉහළ යාමත් සමග වාහන ආනයනයට අවශ්‍ය පහසුකම් සලසන්නැයි රජයෙන් ඉල්ලිමක් කර ඇති බව ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට පැවසීය. 24 March 2023
’’ප්රජාතන්ත්රවාදය විනාශ කිරීමේ නායකයා රනිල්’’ රටේ ප්රජාතන්ත්රවාදී පද්ධතිය විනාශ කිරීමේ ක්රියාදාමයේ නායකත්වය දරන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (24) පැවසීය. 24 March 2023
අත් කපා රැගෙන ගිය සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට නියෝග විදුලි කාර්මිකයාගේ අත්දෙක කපා අත්දෙක රැගෙන පලාගොස් සිට නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වු සැකකරු පැය හතළිස් අටක් ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මොරටුව මහේස්ත්‍රාත් උද්දාල සුවන් ඳුරුගොඩ මහතා අද (24) නියෝග කළේය. 24 March 2023
අගමැති මැතිවරණ කොමිසම කැඳවයි මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිත ආකාරයෙන් කටයුතු කිරීම ගැන එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ළඟදීම කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 March 2023
රාහුල්ට මන්ත්‍රී අසුන නැති වේ නඩුවකට වරදකරු වී වසර දෙකක සිර දඬුවමක් නියම වීම හේතුවෙන් රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි වී තිබේ. 24 March 2023
ගැසට්ටුවක් අහෝසි කිරීම ආනයනකරුවන්ට කරදරයක්ලු නැව් සම්ගම් අත්තනෝමතික ලෙස අයකරන ගාස්තුවලින් ආනයන අපනයනකරුවන් ආරක්ෂා කිරීමට පනවා තිබූ ගැසට් පත්‍රය අහෝසි කිරීම තමන් කබලෙන් ලිපට වැටී ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවෝ පවසති. 24 March 2023
අලුත්කඩේ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් ආණ්ඩුවේ ඇතැමුන් අධිකරණයේ විනිසුරුවන්ට බලපෑම් වන ආකාරයට කටයුතු කරන්නේ යැයි චෝදනා කරමින් ‘විනිසුරුවන්ට අත නොතබනු’ යන තේමාව යටතේ නීතිඥා මහ සභාව, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (24) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය. 24 March 2023
ලාඕසයේ රඳවා ගත් මෙරට තරුණයන් 24 බේරා ගනෙයි ලාඕසයේ පරිගණක ක්ෂේත්රයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 24 දෙනකු , තමන්ට පැවරූ පරිගණක මූල්‍ය වංචා සිදු නොකිරීම නිසා එරට විශේෂිත කළාපයක කොටු වී සිටියදී ඔවුන් බේරා මෙරටට රැගෙන ආ බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග කියයි. 24 March 2023
ආරක්ෂාවට තිබූ වැට සිඟිත්තියට මරුවා කැඳවයි ඌවපරණගම මස්පන්න ගම්මානයේ නිවසක ඇදක් වටා සවිකර තිබු ලී වැටක සිරවීමෙන් මාස හතක දැරියක් මියගොස් ඇති බව පොලිසිය කියයි. 24 March 2023
සංචාරකයන්ගේ පැමිණිම තවත් ඉහළට මෙම වසරේ පළමු මාස තුන තුළ මේ වන විට විදේශීය සංචාරකයන් 3,30,000ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 24 March 2023
වලානෙන් ගිහින් යාපනයේ කළ මෙහෙයුම පානදුර වලාන දූෂණ මර්දන නිලධාරීන් බව පවසමින් පලෙයි නිවාඩු නිකේතනයක රැදී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු සුරාබදු නිලධාරීන් ගංජා සමඟ අත්අඩංගුවට ගෙන තිබූ බව පලෙයි පොලිසිය පවසයි. 24 March 2023
ලංකා සතොස භාණ්ඩ 10ක මිල තවත් අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 24 March 2023
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන ඕනෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (අයි.එම්.එෆ්.) ලැබුණු ණය මුදලින් සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන්ට සහන සැළසීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ඉදිරියේදී ක්‍රියාත්මක වියයුතු ආකාරය පිළිබඳව මඟපෙන්වීමේ සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදයේ සභාපති ටානියා එස්. අබේසුන්දර මහත්මිය අද (24) පැවසුවාය. 24 March 2023
ජයතිලක හේරත් දිවි රඟ මඩලට සමුදෙයි ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත විය. 24 March 2023
ඩොලරය රුපියලට විහිලු කරයි ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල පෙර දිනට සාපේක්ෂව අද(24) සුළු වශයෙන් ඉහළ ගියේය. 24 March 2023
‘බංකොලොත් බවින් මිදීම ගැන සියලු ලාංකිකයන් සතුටු විය යුතුයි‘ බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන ඇති බැවින් ශ්‍රී ලංකාවේ ජීවත්වන සියලුම පුරවැසියන් එක පැත්තකින් සතුටු විය යුතුයැයි කියා තමා විශ්වාස කරන බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 March 2023
ජපන් කතට කැත වැඩක් කළ තරුණයෙක් මාට්ටු අනුරාධපුර පූජා නගරයේ පාෂාණ ලෙන නැරඹීමට ගිය 52 හැවිරිදි ජපන් ජාතික කාන්තාවකට දේශීය ආයුර්වේද සම්භාහනයක් කරන මුවාවෙන් හිස මසාජ් කරන අතරතුර ඇගේ පියයුරු මිරිකා ලිංගික අතවරයක් සිදු කළ, සංචාරක මගපෙන්වන්නකු ලෙස පෙනී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 24 March 2023
අකුණක් වැදී සැමියා මරුට බිරිය රෝහලේ ඉහළ සිංහාරගම වැව් පිටියේදි අඹුසැමි යුවලකට අකුණු පහරක් වැදිමෙන් 45 හැවිරිදි සැමියා ජිවිතක්ෂයට පත්ව බිරිද බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇතැයි ගාලදිවුල්වැව පොලිසිය කියයි. 24 March 2023
උතුරු කොරියාවෙන් සුනාමි අවියක් විකිරණශීලි සුනාමියක් ඇති කළ හැකි න්‍යෂ්ටික බලය සහිත දිය යට ක්‍රියා කරන ඩ්‍රෝනයක් උතුරු කොරියාව අත්හදා බලා තිබේ.මෙම ඩ්‍රෝන යානාවට දිය යටින් ගොස් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද තිබේ. 24 March 2023
දෑත් කැපූ සහාසිකයා නීතිඥයකු සමග අධිකරණයට බාර වෙයි මොරටුව දෙල්ගහවත්ත ප්‍රදේශයේ දී දෙනෝදාහක් බලා සිටියදී විදුලි කාරර්මියකුගේ දෑත් කපා ගෙන ගිය බව කියන සහසිකයා නීතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට බාර වී ඇතැයි මොරටුව පොලිසිය කියයි. 24 March 2023
සල්ලි දෙනවද? නැද්ද? එක වචනෙකින් උත්තර දෙන්න ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා අග්‍රාමාත්‍යවරයා එක වචනෙකින් උත්තර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද විමසීය. 24 March 2023
කිරිඇල්ල මූල්‍ය අරමුදලින් ප්‍රශ්නයක් අහයි මූල්‍ය අරමුදලත් දැන් ’’තාලය’’ වෙනස් කර ඇතැයි ද ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න නම් ජනවරමක් අවශ්‍ය බව මූල්‍ය අරමුදල සැප්තැම්බර් මාසයේ දී පැවසූ බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026