(ඉන්දිකා රාමනායක)
චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියකගේ රන් මුදුවක් සොරා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් අත්අඩංගුවට ගත් මෙහෙකාරියගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා, සැලකිල්ලට ගෙන ස්වෙච්ඡාවෙන්ම මෙම විමර්ශනය ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී, චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරිය ගෙන්, වැලිකඩ පොලීසියේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන්ගෙන්, සහ මියගිය කාන්තාවගේ ඥාතීන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ බදුල්ල මඩොල්සීම ප්‍රදේශයේ පදිංචි ආර් රාජ්කුමාර් (42)නැමැති තිදරු මවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියට නමක් නැද්ද?
මේ සිද්ධිය තවත් එක් මරණයක් වන්නට දෙන්න එපා. ඒ අහිංසක මිනිස්සුන්ට හඬක් නැති නිසාම සිද්ධිය යටපත් කරන්නට දෙන්නත් එපා. මහජන අයිතිවාසිකම් ගැන නන් දොඩන විද්‍යුත් මාධ්‍ය මේ ගැන නිහඬ ඇයි?