
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර රදගුරු නිවස වෙත ගොස් ආචාර්ය වැලන්ස් මෙන්ඩිස් මහනුවර රදගුරුතුමන් බැහැදුටුවෙිය.
වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමන්ගේ සුව දුක් විමසු ජනාධිපතිවරයා කෙටි සාකච්ඡාවකට ද එක්විය.
නිවාස ගැටලුව ඇතුළු වතුකරයේ ජනතාව මුහුණ දී සිටින ගැටලු පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද තවමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් නොවීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වු අතර ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග සංවර්ධනය සඳහා ගත යුතු පියවර පිළිබඳ අවධානය යොමු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුකරයේ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් ගත වුවද තවමත් ඔවුන්ගේ ජීවන තත්ත්වය යහපත් තත්වයකට පත්කරලීමට ඔවුන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන කිසිඳු දේශපාලකයකු උත්සාහ කරන්නේ නැත. දේශපාලකයින් ඡන්දය ලබාගැනීම පිණිස උතුරේ මෙන්ම කඳුකර දෙමළ ජනතාව රැවටීම කරනු ලබයි. උතුරේත් කඳුකර ද්‍රවිඩ ජනතාවටද මුහුණ දෙන්නා වූ ගැටළු සහ දේශපාලකයින්ගේ ගැටළු එකක් නොව දෙකකි. ජනතාව ඔවුන්ගේ ගැටළු සහ මූලික අවශ්‍යතාවයන් සඳහා විසඳුම් ඉල්ලා සිටියි. ඔවුන් නියෝජනය කරන්නා වූ දේශපාලකයින් ජනතා ගැටළු විසඳනවා වෙනුවට බලය බෙදීම් සහ තනතුරු වෙනුවෙන් පෙනී සිටියි. ඉදිරි මැතිවරණයේදී කඳුකර ද්‍රවිඩ ජනතාවට අලුත් කණ්ඩායමක් ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පෙනීසිටිනා සැබෑ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම පිණිස කටයුතු කළයුතුවේ.
මහනායක හිමිවරු වගේ අගරදගුරු තුමා අන්දන්ඩ බැරිවෙයි.