(සුජිත් හේවාජුලිගේ )
විවිධ පුහුණුවීම් වෙනුවෙන් විදේශගතවූ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 215 දෙනකු මෙරට සේවයට නැවත පැමිණ නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ සේවය අතහැර යෑම හේතුවෙන් ( ගිවිසුම කඩ කිරීම නිසා ) රුපියල් කෝටි 20 කට ( මිලියන 200) වැඩි පාඩුවක් රජයට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 169 දෙනෙක් 2022 වර්ෂයේද විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 46 දෙනෙක් මේ වසරේ මේ දක්වාද පුහුණුවීම් සඳහා ගොස් මෙසේ සේවය අතහැර ගොස් සිටිති.
මේ පිරිස් නැවත ගෙන්වා ගැනීමට හෝ එම මුදල් අය කර ගැනීමට කටයුතු කර ගෙන යන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙරට වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක්ද විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් දෙකෝටියක පමණ මුදලක්ද වැය වන බව සෞඛ්‍ය අංශ පවසයි.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා රජයේ වියදමින් පුහුණුවට ගොස් මෙසේ සේවය හැර යෑම විශාල ඛේදවාචකයක් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වාදෙති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පුහුණුවට ගිය දොස්තරලා 215ක් බින්න බැහැලා
Sunil Saturday, 20 May 2023 11:57 AM
කුමන හේතුවකට ගියත්, මේ කාලකණ්ණි රටට නැවත එන්න නම් හිතන්නවත් එපා..
Sunil2Saturday, 20 May 2023 10:59 PM
ඔබතුමා නිවැරැදියි. හැකි හැමෝම රට දාලා යන්න... නොහැකි හැමෝම රට දාලා යන්න උත්සාහ කරන්න.
කසුන් Saturday, 20 May 2023 01:09 PM
ආමි එකෙන් දාලා එයාලගේ වැඩ කවර් කරගන්න බැරිද සර්? ඔය එස්.බී එහෙම වෘත්තීයවේදීන්ට තග දාන්නේ ඔය විදිහට කියලා තමයි.
Sarath Saturday, 20 May 2023 01:34 PM
Sunil නමින් කමෙන්ට් කරලා තියෙන කෙනා නම් සාපයක්..
Ratavasiya Saturday, 20 May 2023 02:04 PM
බින්න බහිනවා කියන එකේ තේරුම කවුරු හරි කියලා දෙන්නකෝ...!
Upul Saturday, 20 May 2023 03:48 PM
මේ අය විවිධ හේතු මත ගියත් ඒ අය රටට ණයයි. ඒ ණය කැමැත්තෙන් ගෙවන්නේ නැත්නම් නීති මාර්ගයෙන් අයකර ගත යුතුයි. මොකද ඒ අයට වියදම් කරලා තියෙන්නේ රටේ දුප්පත් ජනතාවගේත් දායකත්වයෙන්. ඒ වියදම් දොස්තරලාට ඕනේ විදිහට පුද්ගලික වාසියට නාස්ති වෙන්න දෙන්න බැහැ...
Ajith Deshappriya Sunday, 21 May 2023 05:55 AM
ඊට වඩා මේ රටේ සම්පත් හොරා කාපු දේශපාලකයන්ගෙන් මේවා ගන්න වැඩ පිළිවෙළක් මුන්ට හදන්න බැරි ද.. එතකොට මේ හැමදේ ම හරි යයි. මොකුත් නොදන්න බබාලා වගේ comment දන්න එපා.
swene Saturday, 20 May 2023 04:11 PM
නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබා රටට සේවය කිරීම අමතක කළා පමණක් නොව, විදේශයක හෝ සිට තමන්ගේ මුදලින් අධ්‍යාපනය ලබා මෙරටට සේවය කිරීමට කැමැති ශ්‍රී ලාංකිකයින්ටත් මොවුන් ක්‍රෝධයෙන් සලකන්නේ... අමාත්‍යාංශයේ සියලුම දේවල් දේශීය අධ්‍යාපනය ලැබූ අයට දීලයි අනෙක් අය ගැන සලකන්නේ...!
Vidusha CostaSaturday, 20 May 2023 07:40 PM
ඒක නම් ඇත්ත. මගේ බිරිඳ යුරෝපයේ වෛද්‍යවරයෙක් සඳහා හිමිවන බලපත්‍රය තියෙද්දී, එංගලන්තය ඇතුළු යුරෝපයේ ඕනෑම රටක වැඩකරන්න පුළුවන් වෙද්දී, IMAT exam එකෙන් ලෝකෙන්ම පළමු 30ට ඇවිත්, ලෝකයේ පැරණිම පළමු 300 අතර තියන විශ්ව විද්‍යාලයක MD එකක් අරං ලංකාවට ඇවිත් සේවය කරන්න අහද්දී, ලංකාවේ medical council එකේ list එකට campus එක නෑ කිව්වා. එහෙම තමයි ලංකාවේ අය...