
(සුජිත් හේවාජුලිගේ )
විවිධ පුහුණුවීම් වෙනුවෙන් විදේශගතවූ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් 215 දෙනකු මෙරට සේවයට නැවත පැමිණ නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ සේවය අතහැර යෑම හේතුවෙන් ( ගිවිසුම කඩ කිරීම නිසා ) රුපියල් කෝටි 20 කට ( මිලියන 200) වැඩි පාඩුවක් රජයට සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 169 දෙනෙක් 2022 වර්ෂයේද විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු 46 දෙනෙක් මේ වසරේ මේ දක්වාද පුහුණුවීම් සඳහා ගොස් මෙසේ සේවය අතහැර ගොස් සිටිති.
මේ පිරිස් නැවත ගෙන්වා ගැනීමට හෝ එම මුදල් අය කර ගැනීමට කටයුතු කර ගෙන යන බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙරට වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් ලක්ෂ 6ක පමණ මුදලක්ද විශේෂඥ වෛද්‍යවරයකු පුහුණු කිරීමට රුපියල් දෙකෝටියක පමණ මුදලක්ද වැය වන බව සෞඛ්‍ය අංශ පවසයි.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලබා රජයේ වියදමින් පුහුණුවට ගොස් මෙසේ සේවය හැර යෑම විශාල ඛේදවාචකයක් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පෙන්වාදෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමන හේතුවකට ගියත්, මේ කාලකණ්ණි රටට නැවත එන්න නම් හිතන්නවත් එපා..
ආමි එකෙන් දාලා එයාලගේ වැඩ කවර් කරගන්න බැරිද සර්? ඔය එස්.බී එහෙම වෘත්තීයවේදීන්ට තග දාන්නේ ඔය විදිහට කියලා තමයි.
Sunil නමින් කමෙන්ට් කරලා තියෙන කෙනා නම් සාපයක්..
බින්න බහිනවා කියන එකේ තේරුම කවුරු හරි කියලා දෙන්නකෝ...!
මේ අය විවිධ හේතු මත ගියත් ඒ අය රටට ණයයි. ඒ ණය කැමැත්තෙන් ගෙවන්නේ නැත්නම් නීති මාර්ගයෙන් අයකර ගත යුතුයි. මොකද ඒ අයට වියදම් කරලා තියෙන්නේ රටේ දුප්පත් ජනතාවගේත් දායකත්වයෙන්. ඒ වියදම් දොස්තරලාට ඕනේ විදිහට පුද්ගලික වාසියට නාස්ති වෙන්න දෙන්න බැහැ...
නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රතිලාභ ලබා රටට සේවය කිරීම අමතක කළා පමණක් නොව, විදේශයක හෝ සිට තමන්ගේ මුදලින් අධ්‍යාපනය ලබා මෙරටට සේවය කිරීමට කැමැති ශ්‍රී ලාංකිකයින්ටත් මොවුන් ක්‍රෝධයෙන් සලකන්නේ... අමාත්‍යාංශයේ සියලුම දේවල් දේශීය අධ්‍යාපනය ලැබූ අයට දීලයි අනෙක් අය ගැන සලකන්නේ...!