
(තිලකරත්න දිසානායක)
රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලැබෙන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (20) ගම්පහදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් නියෝජ්‍ය නායකයා මේ බව කියා සිටියේය.
ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා මෙම රැස්වීම සංවිධානය කළේය.
නියෝජ්‍ය නායකයා මෙසේ ද කියා සිටියේය.
ලබන වසරේ මාර්තු මස පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයක් පවත්වනවා. එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කිරීම පිනිස මේ වනවිට පක්ෂ ගණනාවක් සහ පක්ෂය හැර ගිය විශාල පිරිසක් යළි එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමට සූදානමින් සිටිනවා.
පක්ෂ රාශියක් ‘එක්කරගෙන රට සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කර සිටිනවා. මේ රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ද ඔහු පෙන්වා දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට දියුණු කළ හැක්කේ ආකල්ප යහපත් ලෙස වෙනස් කරගත් ජනතාවටයි...
අපේ රට ගොඩ ගන්න නම් දූෂණයෙන්, වංචාවෙන් තොර රටට ආදරේ කරන අවංක නායකයෙක් විය යුතුයි. හිටපු අය කිව්වෙත් ආසියාවේ ආශ්චර්යය, සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා...
රනිල් වික්‍රමසිංහ මහතා නැවත මීළඟ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනීමට දේශපාලන පක්ෂ කිහිපයක සහාය ලබාගත්තද තරුණයින් සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුවේ. දැනට පෙනෙන්නට තිබෙනා ආකාරයට 70 - 80 දශකයේ සිටි පාක්ෂිකයින්ම පමණක් දේශපාලනයේ යෙදී සිටියි.
ඔව්, ගොඩක් ප්‍රමාදයි...!
ඕක බොරුවක්... රට ගොඩනගන්න පුළුවන් අය ඕනෑතරම් ඉන්නවා. මේ දේශපාලන මාෆියාව එයාලාට ඉස්මතු වන්න දෙන්නේ නෑ. අපේ පංතියේ අය ඩොලර් උපයනවා. එයාලගේ පංතියේ අය ඩොලර් වියදම් කරනවා...
පින්පති එක්ක මුළු යූඇන්පී සෙට් එකම ගොඩයන්න සෑහෙන්න දඟලනවා. යහපාලන සමයේදී රට තියෙන්නේ අර්බුදයක බව නොදැන වගේ ක්‍රියාකරපු රනිල් රට වැටුණාට පස්සේ දැන් හදයි බලාගෙනම ඉන්න...