(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්පැන් කර අශෝබන අන්දමින් හැසිරුන බාලවස්කාර ගැහැනු ළමුන් දෙදෙනකු ඇතුළු හය දෙනකු පානදුර ප්‍රධාන පෙලේ සංචාරක හෝටලයක් අසල දී අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි.
අත්අඩංගුවට පත්වූවන් අතර බාල වයස්කාර ගැහැනු ළමුන් දෙදෙනකු, පිරිමි ළමයකු, තරුණියක සහ තරුණයන් දෙදෙනකු වන බව පොලිසිය කීය.
සංචාරක හෝටලයක් අසල මත්පැන් පානය කළ තරුණ දරුවන් පිරිසක් අශෝභන ලෙස ගැවසෙන බවට ප්‍රදේශවාසින්ගෙන් ලද දුරකතන ඇමතුමක් මත ක්ෂණිකව ක්‍රියාත්මක වූ පානදුර අපරාධ විමර්ශණ අංශ ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරීන් ස්ථානයට ළගාවීමේදී මෝටර් රථයක නැගී පිටව යාමට සූදානම්වූ බව පොලිසිය කීය.
ඔවුන් සියලු දෙනා මත්පැන් පානය කර සිටී බවට සැලවීම නිසා රියදුරු තරුණයා ඇතුළුව හයදෙනාම පොලිසියට රැගෙන ආ බව උසස් පොලිස් නිළධාරියෙක් කීය.
ගැහැනු ළමුන් තිදෙනා ශීලාචාර සම්පන්න බවක් නොමැති ඇදුම් ඇද සිටී බවත්, ඔවුන් සිය අනන්‍යතාවය තහවුරු කිරීමට මැලි කමක් දක්වන බවද සදහන් වේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි කොට්ඨාස අපරාධ විමර්ශණ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශීලාචාර ඇඳුමක් ලෙස සමාජය පිළිගන්නේ දිග කලිසමක් ඇන්දොත් විතරයි. තරුණ ගැහැණු ළමයෙක් කොට කලිසමක් හෝ කොටගවුමක් ඇන්දොත් ගොඩක් මේ රටේ අය මදකිපිලා වනචර විදිහට බලන් ඉඳලා තව අශීලාචාර ඇඳුනුත් ඇඳන් හිටියාලු...
යූරෝපයේ වීදිවල පච්චා කොටලා පරණම රැකියාවට හිටගෙන ඉන්න ගැහැණු වගේ සමහරක් ඇඳුම් අඳින්නේ ලිංගික අවයව උද්දීපනය වෙන ආකාරයට නිරුවතින් ඉන්නවා වගේ වැඩි වෙනසක් නෑ. අධික කාමයෙන් පෙලෙන කොටසක් ඔහොම අඳිනවා. දරුවෙක් පාරක, බසයක එක්ක යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ. මේවාට වැදගත් තරුණයන්, පොලිසිය දැඩිව ක්‍රියාමාර්ග ගත යුතුයි.
සමහර අම්මලාට දූවරු බාගෙට හෙළුවෙන් ඇඳීම නම්බුවක් කරගෙන. ප්‍රශ්නේ මුල් එතන. කෙල්ලෝ මත්පැනට ඇබ්බැහිවීම අනිත් ප්‍රශ්නය...උගත් සහ රැකියාවල නිරත කෙල්ලෝ භයානක ලෙස මත්පැනට යොමුවෙලා...බොහෝ සමාගම්වල පාටිවල වැටෙන්න බොන කෙල්ලෝ සාමාන්‍ය දර්ශනයක්...
මඩු වලිගගෙන් තලන්න ඕන මෙයාලාගේ දෙමවුපියෝ
ලොකු ලොකු වැදගත් ප්‍රභූ පවුල්වල ළමයි ඔහොම තමයි.