
(විමුක්ති එස් රුද්‍රිගු)
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදු වූවා යැයි පවසමින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් විමසීමට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා ඊයේ(19) විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා ඇත.
එහිදී පෙරේදා(18) කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ ප්‍රකාශය විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මුළුමනින්ම හෙළා දැක ප්‍රතික්ෂේප කර තිබේ.
දේශපාලන නැඹුරුවක් සහිත මෙම ප්‍රකාශය මතභේදාත්මක ප්‍රකාශයක් බවත් එය කැනඩාවේ අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතා සඳහා නිකුත් කළ එකක් බවත් අමාත්‍ය අලි සබ්රි මහතා පවසා ඇත.
ජන සංහාරයක් සිදු වූවා යැයි පවසමින් එල්ල කර ඇති මෙම පදනම් විරහිත චෝදනාව ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බවත් මෙම චෝදනාව මෙහෙයවනු ලබන්නේ බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් සහිත ශ්‍රී ලංකා විරෝධී සුළුතරයක් විසින් බවත් අලි සබ්රි මහතා අවධාරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නියෝජනය කරන්නෙත් සුළු ආගමිික ජන කොටසක්. කිසිවිටෙකත් ලංකාවේ යුද්ධයේ අවසාන කාල සීමාවේ ජන සංහාරයක් සිදුවුණා යැයි අපි පිළිගන්නේ නැත. ත්‍රස්තවාදීන් නොවේද සාමාන්‍ය ජනතාව පළිහක් කර ගත්තේ... කුරීරු ත්‍රස්තවාදීන් පරාජය කර අපසැමට සාමයෙන් ජීවත් වීමට ජීවිත පූජා කළ ඒ සියලුම රණවිරුවන්ට අපේ ප්‍රණාමය.! කැනේඩියානු අගමැතිතුමනි, නිවැරැදි මිනිස්සුුන් කවුදැයි හඳුනා ගන්න..
ඉදිරියේදී පරාදවීමට ඉන්න ජස්ටින් ටෲඩෝ කරලා තියෙන්නේ නොදන්නා දෙයක් කතා කිරීමයි. තමන්ගේ දේශපාලන වාසියට මෙවැනි කතා නොකිව යුතුයි.
යුද්දේ ඉවරවෙලා අවුරුදු 14කට පස්සේ මොකෝ මේ ජනසංහාරයක් ගැන මතක්වෙලා තියෙන්නේ...? මෙතුමා ඒ කාලේ ඉස්කෝලේ යනවා ඇති. ළඟදී ඡන්දයක්වත් ඇති...!
මොවුන් කැනඩාවේ හිටිය ආදිවාසීන් සමූලඝාතනය කළා. එයාලගේ නිජබිම අල්ලාගත්තා. දැන් ලෝකයට සුදනා වෙන්න හදනවා. මොවුන්ට මේ පව කවදා හෝ ඵලදෙනවා..
ජස්ටිං හැමදාම නැටුවේ ආනන්ද සංගරීගේ පදේට. මේ කතාව අලුත් එකක් නෙවෙයි. හැම අවුරුද්දෙම මොකක් හරි කතාවක් කියලා චූන් පාරක් දානවා. මේ දෙන්නා... ජස්ටියයි ගැරියයි...